gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම නියම කරයි: යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හේතුවයි

හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මන්නාරම මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඒ 2009 ඔක්තෝබර් මස 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහාල් මහතා විසින් එම තීන්දුව ලබාදී තිබෙනවා.

මරණය දණ්ඩනය නියම වු හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකර තිබූ අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් වසර 14 වසරකට පසුව සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 55ක් වන අතර දැනට යුද හමුදා සේවයෙන් ඉවත්කර සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka