gossip lanka

“රැජිනිට ඇන්ද නන්දා… අපිව ඇන්දුවද මන්දා” – මධුමාධවගෙන් අමුතු කතාවක්!

ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු සිදු කරන යම් යම් පළකිරීම් අතිශය කතාබහට ලක්වනවා.

පසුගිය දිනෙක ඔහු යම් ඡායාරූපයක් අළලා සිදු කෙරූ පළකිරීම පහතින්,

රැජිනිට ඇන්ද නන්දා

අපිව ඇන්දුවද මන්දා

ඇත්තම කිව්වොත් …අපි ඇන්දා…

මේක හරි අමුතු රටක්ද මන්දා…

අලුත් පරපුරේ කලුවර හෙට දවස්..

නැතිනම් හෙට පරපුරේ මෙලෝ රහක් නැති නිර්මාන බලන් ඉන්නවා හැර

කියන්න දෙයක් නැති බව..

බොහෝ තැන් වල අපිට ඇහුනා…

ඇත්තම කිව්වොත් අපිට දැනුනා…..

හැම රහක්ම විදින්න පොඩි කාලෙ ඉදල තිබ්බ පෙලබවීම , පුරුද්දක් වෙච්ච අයට…..

රසිකයෙක් විදිහට අලුත් පරන වෙනසක් නැතිව… ඕනෙම හොද දෙයක් වගේම ලොකු හොදක් නැති දෙයකත් මොකක්ම හෝ දෙයක් විදින්න පුලුවන් උනා…

වින්දා තමයි….

හැබැයි ඇන්දේ නෑ…

ඇන්දුනෙත් නෑ…

මේකනම් පිස්සුවක් උනෙත් නෑ…

මගෙ අම්ම මට කතා කරල පුතේ ලස්සන සිංදුවක් තියෙනව අහන්න

“රැජිනට ඇන්දා ‘ කියල කිව්වත්…

මම ඇහුවෙ නෑ.. අහන්න උනේ නෑ…

ඒ නිසා මන් ඇන්දුනේ නෑ.. නන්දට හෝ

රැජිනිට……

හදිසියේම ටික කලකට කලින් මටත්

යූ ටියුබයෙදි …. හමු උනා නන්දව….

නැතිනම් අමන්දා උත්පලීව.

ගිරිරාජ් සුන්දරයගෙ දුවව…..

මෑත කාලයේ කිසිම ගීතයකට නැති තරම්

වෙනස්ම ආදරයක් පපුවෙ පිරුන

අහන්න අහන්න ආස හිතෙන

බලන්න බලන්න තව බැලෙන…

හිතන්න හිතන්න විදින්න පුලුවන් උන…

නන්දාට මමත් රසිකයෙක් විදිහට ඇන්දා..

දෙරන dream star අවසන් තරගයේ අපූර්වගෙ ගායනයෙනුත් , නන්දට ලස්සනක් ආවා..මම සජීවිව නන්දව දැක්කෙ එදා….

මුල් ගීතය කිසිම අඩුවක් නැතිව තිබීම

අලුත් ලමයින්ටත් ලස්සනට එය ගායනා කරන්න හේතුවෙන්න ඇති.

ඒ ගීතය සර්වසම්පූර්න ගීතයක්.

පද රචනයක්..

සංගීත සංකලනයක්…

රෑප රචනයක්…..

ඇත්තටම අමන්දා ගෙ ගායනය කට හඩ සහ ගීතයට දෙන වර්නය සහ කටහඩේ ඕලාරික කම පරදින් නෑ…

ලොකු ගමනක් යයි ඔයා දුවේ..

තාත්තා දිනුම් ඔයාගේ…

රූප රචනයේ ඇගේ අභිනයන්,ප්‍රහසනයන්, නර්තනයන් සහ ඒ හැම දේම ඉදිරිපත් කරන

සංයමයන් එක්ක…

ඒ ගීතය පපුවටම දැනෙනවා…

ගිරා වැඩ්ඩෙක් බව අපි හැමෝම දන්නව.. ඒත් මේ ගීතයෙ වචන ටික සමහර වැඩ්ඩගෙනුත් එහා පියවරක්..

සිංහලෙන් කියනවානම් .

Next level වැඩක්…

සංගීත් සහ සහන් අතින් ගීතයට වෙන්න ඕන හැම දේම නෙවෙයි වෙන්න ඕන තරමටත් වඩා බොහෝ දේ ස්වර වලින් , අපේ විදිහට එලපු ලොකු වැඩක්….

රූප රචනය ගීතයකට මෙතරම් උදව් කල මෑත ඉතිහාසයේ ගීතයක් නැති තරම්……

කිසිම කලබලයක් නැතිව හැම කලබලයම පෙන්නන එක එකම වේදිකාවක..

ලේසි නෑ…

හැබැයි ඔවුන්ගෙ නාට්‍ය අත්දැකීම්

සිනමා අත් දැකීම් ටෙලි අත්දැකීම්

පිටපත් අත් දැකීම් රංගන අත්දැකීම්.

රැජිනට ලස්සනට එලල තිබ්බ නන්දාම වෙන්න.

මේක හරි අමුතු ආදරනීය රටක්..

හැම දේම තියෙනව කියද්දි..

මුකුත්ම නැති වෙන්නෙත්…

මුකුත්ම නෑ කියද්දි…

හැම දේම තියෙන ඒව එන්නෙත්…

මෙහෙ තමා…

සත්තකින්ම අලුත් පරපුර

හෙට පරපුර ඔවුන්ගෙ සයිබර් සිහින

ලස්සනට මේ වගේ පැල කලොත්..

බට හිර , දේශීය , නූර්ති , රොක්, අමු, බයිලා, සරල

කියල වෙනසක් නෑ..

අපි සත්තයි රසිකයට අදිනවා….

පිස්සුවෙන් වගේ දවසට දෙතුන් පාරක් අහන ලස්සනම ලස්සන චිත්‍රපටයක් වගේ ගීතයක් අපිට අහන්න බලන්න දීලා

අපිව පුරවල, හෙට දවස ගැනත් ලස්සන බලාපොරොත්තු දුන්න …

අමන්දා….

ගිරා….

සංගීත්…

සහන්…

සිවගුරුනාදන් …

රැජිනිට ඇන්දා …..

අපිව රසිකයන්ට අන්දූවා…

අපි ආදරෙන් නන්දාගෙ නිර්මානය ඇන්දා.

ඒකනම් පිස්සුවක්…

ස්තූතියි ඒ වැඩේට මහන්සි උන හැමෝටම.

මදු මාදව නන්දාවින්ද
gossip lanka