gossip lanka

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපතිවරණයට ඉදිරිපත් වන්න බැහැ - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේ ප්‍රාන්තයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට තීන්දු කර තිබෙනවා

මෙම සුවිශේෂී තීන්දුවේ දී, ට්‍රම්ප් සුදුසුකම් ලත් අපේක්ෂකයෙකු නොවන බව අධිකරණය 4-3 ලෙස තීන්දු කළා බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ 3 වැනි වගන්තිය මගින් ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව මෙයයි.

නමුත් ට්‍රම්ප් වෙනත් ප්‍රාන්තවල ඡන්දයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් පසුගිය කාලය තුළ අසාර්ථක වුණා.

කෙසේ වෙතත් මෙම අධිකරණ තීරණයට ලබන මාසය දක්වා අභියාචනයක් ඉදිරිපත්කිරීමට හැකියාවක් නොමැති අතර අතර, මෙය කොලරාඩෝවෙන් පිටත ප්‍රාන්තවලට අදාළ වන්නේ නැහැ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනෙක් ප්‍රාන්තවල ජනපතිවරණ අපේක්ෂකයෙක් ලෙස තරග කළ හැකියි.
gossip lanka