gossip lanka

"දසුන්ට ආච්චි වැහිලා, I Repeat දසුන්ට ආච්චි වැහිලා" - අලුත් වුණ දසුන් ගැන ක්‍රීඩාලෝලියකු තැබූ සටහනක්!

දසුන් ශාන්ක කියන්නේ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක්.

පසුගිය කාලය තුල අසාර්ථක වී සිටියත් දැන් දැන් සුපුරුදු රිද්මයට පැමිණෙන බව දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ කියන්න යන්නේ ඔහු ගැන රසිකයකු තබා තිබූ සටහනක් ගැන.

"දසුන් මේජර් ලීග් එකේ පිට පිට තුන්වෙනි 50ත් අද BRCට ගහලා !

මේ වෙද්දී දස්සා ඉනිම 4ට ලකුණු 224ක් ගහලා තියෙනවා ඇවරේජ් එක 112ක් විදියට තියං.

කොල්ලගේ ස්ට්‍රයික් රේට් එක 180.64ක්. මේ වෙද්දී අවිශ්කට වැඩිය ලකුණු 14ක් පිටිපස්සෙන් ඉඳලා සීසන් එකේ දෙවෙනි වැඩිම ලකුණු.

ඒත් එක්කම අඩුම ලකුණු 10ක්වත් ගහපු අයගෙන් වැඩිම ස්ට්‍රයික් රේට් එකත් දසුන්ගේ ! ❤

දසුන්ට ආච්චි වැහිලා, I Repeat දසුන්ට ආච්චි වැහිලා !!
Welcome Back Dassa "
gossip lanka