gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත් දෙක බැඳලා උඩ ගැටගහලා මේ අයට කරදර කරනවලු,මියන්මාර් සයිබර් කඳවුරේ දුක් විඳින ශ්‍රී ලාංකිකයින්ගේ කතාව

මියන්මාර - තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හදුන්වන ප්‍රදේශයක පිහිටි කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සදහා මේ වනවිට සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ එම කදවුර තුළ වදහිංසාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ පිරිස මුදා ගැනීම සදහා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක ප්‍රියන්ත බණ්ඩාර සහ මියන්මාරයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සමග අඛණ්ඩ සාකච්ජාවක නිරත වන බවට සඳහන්.

කෙසේ වෙතත් මියන්මාරය, හමුදා පාලනයක් යටතේ පැවතුණ ද අදාළ ප්‍රදේශය ත්‍රස්ත කණ්ඩායම්වල පාලනය පවතින බැවින් එම ත්‍රස්ත කණ්ඩායම් අතර මේ දිනවල යුදමය වාතාවරණයක් පැවතීම නිසා මියන්මාර රජයේ නිලධාරින්ට එම ප්‍රදේශයට ළඟා වීමට නොහැකි වී තිබෙනවා.

මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්වේච්ඡා කාර්ය මණ්ඩල සාමාජිකා නීතිඥ මිහිරි ෆර්නෑන්ඩු කියා සිටියේ විවිධ රටවල පුද්ගලයින් එක්ලක්ෂ 20,000කට අධික පිරිසක් මෙම ත්‍රස්ත කඳවුරුවල රඳවාගෙන සිටින බවයි.

ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හඳුන්වන ප්‍රදේශයේ අපාදුක් විඳිමින් සිටින බවයි අනාවරණය වී ඇත්තේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka