gossip lanka

දැන් ඔහුට කෘතිම ශ්වසනය ලබාදෙමින් ඉන්නෙ!! තත්ත්වය උත්සන්න වුණු නිසා අයිසීයූ දාලා තියෙන්නෙ..': චාමර වීරසිංහගේ 'ඇත්තම තත්ත්වය', වෛද්‍ය බෙල්ලන කියයි

'හදවතේ ගායක' ලෙස කිරුළු පළන් 'ප්‍රසංග වේදිකාවේ' නිහඬ වැඩකරු, ගායක 'චාමර වීරසිංහ' අසාධ්‍ය තත්ත්වයෙන් 'කලුබෝවිල' රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැව් දැනටමත් ඔබ දන්නවා ඇති.

'දැඩිසත්කාරයේ' ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ 'වත්මන් තත්ත්වය' සම්බන්ධයෙන් දැනටමත් 'ජනතාව' අතර කසුකුසුවක් පවතිනවා. (ඒ හා සමඟ යම් යම් ව්‍යාජ පුවත් පවා සමාජ මාධ්‍යයේ සංසරණය වනවා ඔබත් දකින්න ඇති...)

කෙසේ හෝ වේවා, ඔහුට 'බාධා වන අයුරින්' රෝහලට පැමිණීමෙන් 'වළකින ලෙසත්' චාමරගේ 'පවුලේ සමීපතමයින්' රසිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එසේම, ඔහු ප්‍රතිකාර ලබන 'දැඩි සත්කාර ඒකකයේ', ඒ සම්බන්ධයෙන් වන 'දැන්වීම් පුවරුවක්' ද ප්‍රදර්ශනය කර ඇති බැව් අපට වාර්තා වුණා.

මේ අතර, 'සුදත්ත තිලකසිරි' සමඟ 'යූටියුබ් වැඩසටහනකට' එක්වෙමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය 'රුක්ෂාන් බෙල්ලන' චාමර වීරසිංහගේ 'වත්මන් තත්ත්වය' පිළිබඳව මෙසේ 'කරුණු' කියා තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ, හදිසියේ රෝහල්ගත කළ 'ජනප්‍රිය පුද්ගලයෙකු'ගේ තොරතුරු මෙසේ 'වසං කිරීම' සිදු නොකළ යුත්තක් බවයි.

'සාමාන්‍යයෙන් පිටරටක නම් ජනප්‍රිය චරිතයක් යම් කිසි කෙනෙක් රෝහල්ගත වුණොත් ඒ කෙනාගේ සුලු හෝ විස්තරයක් මාධ්‍යයට නිකුත් කරනවා. ඔහු හොඳින්, යම් කිසි ප්‍රතිකාර ටිකක් සිද්ධ වෙනවා කියලා හරි. නමුත් අපේ රටේ සමහර අය හිතනවා, ඒ ඉල්ලීමට බැඳිලා නෑ කියලා. ඉතින් ඒ නිසා පවුලේ අය කොහොම කිවුවත්, ඒ ජනප්‍රිය ගායකයාගේ විස්තරයක් නොදීම තුළ රටේ ජනතාව අතර කැළඹීමක් ඇති කරනවා, ඒ කැළඹීම ඔස්සෙ බොරු කතා පැතිරෙනවා....'

'මම මේ වාක්‍යය ඔයාට කියන්නෙ, කොළඹ ජාතික රෝහලේ කෙනෙක් හැටියට නෙවෙයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වශයෙන්... අහන නිසා කියන්නෙ. චාමර වීරසිංහයන්ට පහුගිය දින කිහිපයකට පෙර හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල්ගත කරලා තියනවා. එතැන දි තත්ත්වය උත්සන්න වෙලා අයිසීයූ දාලා තියනවා. දැන් ඔහුට කෘතිම ශ්වසනය ලබා දෙනවා. මේ ටික තමයි කියන්න තියෙන්නෙ.. ජනතාව කලබල වෙන්න හොඳ නෑ. මොකද විශේෂඥ වෛද්‍යවරු ඉතාමත් උනන්දුවෙන් මේ ජනප්‍රිය ගායකයාගේ ජීවිතය නැවත යථා තත්ත්වයට ගේන්න කටයුතු කරමින් ඉන්නවා....'

'මේවා රෝහලින් හරි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන්න ඔිනි දේවල්. මම දන් නෑ මේවා ඇයි කියලා මිනිස්සුන්ගෙන් හංඟන්නෙ...?'
gossip lanka