gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝගම්බර බන්ධනාගාරය තරු පහේ සුපිරි හෝටලයක් කරයි

මහනුවර බෝගම්බර බන්ධනාගාරය ජාත්‍යන්තර තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජකයෙකු සොයාගෙන ඇති බවටයි රාජ්‍ය අමාත්‍ය අමුණුගම ප්‍රකාශ කර ඇත්තේ.

බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම රැකගනිමින් එහි හෝටලයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා එය ඉදිකරනු ලබන්නේ යාල හිල්ටන් ආයතනය ඉදිකර පසුගියදා විවෘත කළ මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් බව ද අනාවරණය කර තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇතැයි සඳහන්.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉදිකරන ලද මහනුවර පිහිටි තෙමහල් බෝගම්බර බන්ධනාගාරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම බන්ධනාගාරය වන අතර එය තනි අත්තිවාරමක් මත ඉදිකරන ලද ආසියාවේ දිගම ගොඩනැගිල්ල ද වනවා.

වසර 138ක් ක්‍රියාත්මක වූ බන්ධනාගාරය 2014 වසරේදී වසා දමනු ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka