gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අනේ මගේ රත්තරනේ… මම කොහොමද මේ ගැන මගෙ දුවට කියන්නේ? අනේ එයාගෙ පපුව පැළිලා මැරෙයි…" මවගේ උණුසුම නොඅඩුව සෙහන්සාට දුන් ඇගේ අත්තම්මා කාගේත් හද කම්පා කරමින් හඬා වැටෙයි...

ඊයේ ඇගේ උපන්දිනයයි..

පුංචි සෙහන්සා අත්තාමා පුංචි එක්ක සතුටු වෙලා උදේ පාන්දරින්ම ආගම සිහිකරලා එදා පාසල් යන්න ඇත්තේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන වෙන්න ඇති..

කොහොම වුණත් මේ චූටි දියණිය ඇගේ යාළුවෝ වගේම පාසලේ ගුරුවරු එක්ක සතුටින් උපන්දිනය සමරලා... වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ ජල කරාම පද්ධතියක් සහිත කොන්ක්‍රීට් බැම්මක් කඩාවැටීමෙන් පළමු වැනි ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙහන්සා තත්සරණි සිසුවිය මිය ගොස් තවත් සිසුන් හය දෙනකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ ඊයේ සවස් කාලයේයි...

ජල කරාම සහ ජල බේසම් සහිත මේ පද්ධතිය අක්‍රීයව තිබී ඇති අතර, එහි කරාමවල ජලය නොමැති නිසා වෙනත් දිනවල සිසුන් එම ස්ථානයේ නොගැවසුණද ඊයේ පෙරවරු 10.30ට පමණ සිසුන් පිරිසක් ඒ කොන්ක්‍රීට් බැම්ම මත නැඟී සෙල්ලම් කරමින් සිටියදී මේ අනතුරට මුහුණ පා තිබුණා.. මේ අනතුරින් මිය ගිය ෂෙහන්සා වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේම පදිංචි දැරියක්.. ඇගේ මව මේ වෙනකොට විදේශ ගත වී සිටින අතර ඇය හැදී වැඩෙන්නේ අත්තම්මා සහ පුංචි සමඟයි...

“අනේ මගේ දුවේ… මම මේ කෙක් ගෙඩිය කවුරුන් එක්ක දැන් කපන්නද?” තම දයාබර දියණියගේ උපන්දිනයට ගෙන ආ කේක් ගෙඩිය දෙස බලමින් කඳුළු කැට දෙනෙත් අතර සඟවාගැනීමට වෙර දරමින් මෙසේ පවසන්නේ උපන්දිනය දාම අකල් වියොවට පත් සෙහන්සාගේ පියායි..

“මගේ මිනිබ්රියටත් හොරෙන් මම ලස්සන නිල්පාට ගවුමක් මහලා එයාට කෙක් කපන කොට දෙන්න බලාගෙන හිටියේ… මම මේ දුක කොහොම වාවාගන්නදැ? අනේ මගේ රත්තරනේ… මම කොහොමද මේ දුක වාවගන්නේ? මම කොහොමද මේ ගැන මගෙ දුවට කියන්නේ? අනේ එයාගෙ පපුව පැළිලා මැරෙයි…” දුක වාවාගත නොහැකිව ඇගේ අත්තම්මා හැඬූ කඳුළින් කිවේ මෙන්න මේ වගේ කතාවක්...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka