gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එයාලා නිවසින් ඉවත් වෙන්නයි හදලා තියෙන්නේ... ඒත්..... සංවේදී සිද්ධි එක පෙළට ඇසෙන බළන්ගොඩ කඳුළු කතාවේ තවත් පැත්තක් මෙන්න...

සමහර අය ඉන්නවා සංසාරේ පුරාවටම පතාගෙන එන අය... එහෙම ජීවිත එකට ඉපදෙනවා වගේම එකට මියදෙනවා..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාව.... එකම පස්කන්දක් එයාලාගේ ඉරණම් කතාව වෙනස් කරලා...

බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගවරන්හේන ග්‍රාම නිලධාරී වසමේ වෑහින්තැන්න ගම් ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ මව, පියා හා දියණියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ ඊයේ බළන්ගොඩ මූලික රෝහලේ දී පවත්ව තිබුණා..

මෙසේ මියගියේ එච්. චමින්ද සුමිත් කුමාර (47), ඊ. කේ. සිරියලතා (41), තසාරා නමෝදි (16) සහ විමංසා ඉසුරි ධනංජනී (10) යන සිව්දෙනායි... මෙහිදී සාක්ෂි දුන් මියගිය චමින්ද සුමිත් කුමාරගේ නැගණිය වූ එච්. විමලා රංජනී නමැති අය මෙසේ ප්‍රකාශ කළා..

“මෙසේ මියගොස් සිටින්නේ මගේ අයියා හා ඔහුගේ පවුලේ අයයි. මෙදින මගේ අයියාගේ උපන්දිනය යෙදී තිබුණා... එදින උදේ මම නිවසට පැමිණි විට අයියා මට පෙන්නුවා පොඩි දුව සුබ උපන්දිනයකට ආශිර්වාද කර සකස් කරන ලද කාඩ්පතක් දුන්නා කියා... එම දුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියා... මෙදින හැන්දෑ වරුවේ වැස්ස පැවතුණා... අපේ නිවස තිබුණේ අයියලාගේ ගෙදරට ආසන්නයේමයි. හැන්දෑ වනවිට වැස්ස වැඩිවුණා... ඒ නිසා අපේ අම්මයි, තාත්තයි තම පවුලේ කිහිපදෙනකු සමඟ පැලක නැවැත්තුවා... එයට හේතු වූයේ ගමේ අය මේ ප්‍රදේශයේ නායයාවි යැයි බියක් ඇති කරගෙන තිබූ නිසයි... මම අයියාටත් කිව්වා දරුවන් සමඟ ඉක්මනට පිටවෙන්න කියා... අයියා කිව්වා පොඩි දුව නිදි කියලා... අයියා පිටවීමට සූදානම් වෙද්දී අපි ආරක්ෂිත පැළට ගියා... එහි යන අතරේ දී විශාල ශබ්දයක් ඇසුණා. ඒ සමඟ ම පස් කන්දකින් අයියලාගේ ගෙය වැසී ගියා...”

සිද්ධිය වූ දින සවස එම නිවසට පැමිණි අසල්වැසියෙකු වූ ඩබ්ලිව්. ගුණරත්න සාක්ෂි දෙමින් මෙසේ කීවා..

“සිද්ධිය වූ දින සවස මම චමින්දගේ ගෙදරට ආවා. මම කිව්වා අද වැස්ස වැඩියි. ඉවත් වී ඉඳිමු කියා. මීට පෙර මෙම ප්‍රදේශයේ නායයෑම ගැන දැනුවත් වී නොසිටියත් පැවති තත්ත්වය හමුවේ බොහෝ දෙනෙක් බියෙන් පසු වුණා. ඒ නිසා මගේ දුවගේ මාස එකොළහක් පමණ වයසැකි කුඩා දරුවාත් ඔසවාගෙන අනෙක් දරුවනුත්, බිරිඳත් සමඟ එම ස්ථානයෙන් ඈතට ගියා. ගත වූයේ විනාඩි දහයකට අඩු කාලයක්. ඉහළ සිට ගල් සහ පස් කන්දක් පෙරළී ඇවිත් චමින්දගේ ගෙය බිමට සමතලා වුණා.”

මෙම මළසිරුරු සෙවීමේ කටයුතුවල නියැලී සිටි නිලධාරීන්ට සිරුරු සොයා ගැනීමේ දී ඉතා සංවේදී සිද්ධියක් දැක ගැනීමට හැකි වී ඇති අතර මෙම නිවසේ නින්දේ සිටි කුඩා දැරිය තුරුල් කරගත් ඇයගේ මව සහ අනෙක් දෙදෙනා එකම තැනක මියගොස් සිටීමෙන් මොවුන් ඉවත් වීමට සූදානම් වූ බවක් හැඟවෙන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka