gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''දෙන්නා එක්ක මහ වැස්සෙ ඒ ගේ ඇතුළෙ තුරුළු වෙලා ඉන්ත ඇති. බලා ගත්ත අයට පින් ! '': පාරක් අයිනේ අසරණ වුණු බලු පැටව් දෙන්නෙක්ට දැක්වූ මනුස්සකම

ආදරෙන් සත්තු ඇති කරන මිනිස්සු වගේම, කිසිම හිතක් පපුවක් නැතුව අසරණ සතුන්ගේ ජීවිත විනාශ කරන මිනිස්සුත් අපි අවට සමාජයේ ඕනෑ තරම්.

ඒ වගේම තමයි සමාජයට පිටට පේන්න විතරක් සත්තුන්ට ආදරේ කරන පිරිස් ද සෑහෙන්න.

එවන් මිනිස්සු අතර අපූරු මනුස්සකම් පිරුණු මිනිසෙක්ගේ ක්‍රියාවක් ගැන ෆේස්බුක් සටහනක් අපේ ඇස ගැටුණා.

'බලා ගත්ත අයට පින්!

අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...

Tobby කුක්කා / Ashka කික්කි...

⁣විකුණගන්න බැරි වර්ගයේ බලු පැටව් පාර අයිනෙ ගෙනැල්ල දාන අධම මිනිස්සු අස්සෙ මනුස්ස හිත් තියෙන සුන්දර මිනිස්සු...

මේ හෝමාගම, දියගම අතුරු පාරක්..

(තැන නොකියන්නෙ තව තව පැටව් ගෙනැල්ල පාරෙ අරතමං කරන්න නියම තැන කියල පහත් හිත් ඇත්තන්ට හිතෙයි කියන බයට)

දවස් කීපයකට කලින් පාරෙ දාල ගියපු පැටව් දෙන්නෙක් හවස් වෙලා වහින වැස්සට තෙමෙන්න ගත්ත. ඒ දෙන්නට නොතෙමි ඉන්න අවට මනුස්ස ආත්මෙක කෙනෙක් හෝ කීපදෙනෙක් (තාමත් කව්ද කියල දන්නෙ නැති නිසා) පුංචි ගේ පොඩ්ඩක් හදල දීල තිබුණ.

දෙන්න එක්ක මහ වැස්සෙ ඒ ගෙ ඇතුලෙ තුරුල වෙලා ඉන්ත ඇති.

ඒත් එක්කම උදේ දවල් එයාලට කෑමත් හම්බවෙලා.

ඒ දිහා බල බල යන හැමෝම ගේ හදපු පිං ඇත්තන්ට පින් නොදී ගියා කියන්න බෑ.

ඊයෙ දවල් එතනින් යද්දි ඒ ගෙදර පොඩි බෝඩ් එකක් එල්ලලා..

ඒක තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ.

ඒ පුංචො දෙන්නව තවත් මනුස්ස ආත්මෙක ඉපදුන මනුස්සයෙක් ගෙදර එක්ක ගිහින්.. ලස්සන නම් දෙකකුත් දාල.

බලන් යන අයට දකින්න බෝඩ් එකකුත් ලියල.

ඒක දැක්කම ඇස් කඳුළු වලින් පිරුනෙ හිතේ සතුටට.

මේ ගැන ලියන්න හිතුනෙත් ඒ පින් ආත්ම ඇත්තන්ට තවත් පින් එකතු කරන අදහසින්...

නමට විතරක් මිනිස්සු වෙච්ච අය අතරෙ මිනිස්සුම වෙච්ච අයත් මේ ලංකාවෙ ඉන්නව...''


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka