gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම ඒ සිද්ධියේ දී එතැන හිටියා...එයා මගේ ෆාදර් කියන්න මම බයත් නෑ - ජෙරොම් ගැන 'ශානිකා'ගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

'ආගමික අපහාසයක් කළා' ය කියන 'චෝදනා' එල්ල වුණු 'පාස්ටර් ජෙරොම්' මෙහෙන් අස්‍ථානගත වෙලා බොහෝම ටික කාලයක්. නමුත් අනෙක් අතට 'ජෙරොම්' ඔහුගේ සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝම ක්‍රියාකාරීව 'වැඩ වාසය' කරනවා.

'ජෙරොම්' ව වහා 'අත්අඩංගුවට ගත යුතුය' යන ස්ථාවරයේ සිටින 'උදවිය'ට පවා කාලයාගේ ඇවෑමෙන් 'ජෙරොම්'ව සඳහටම අමතක වෙලා යනවා. ඒ අවසරයෙන් ජෙරොම් විසින් කරන්නට යෙදුණු යම් යම් 'විස්මකර්ම' එහෙමත් අන්තර්ජාලයේ සැරිසරන්න ගන්නවා.

'උපතින්ම ඇස් දෙක පේන්නෙ නැති' ළමා ළපටියන්ට පවා 'ඇස් පෙනීම' ලබා දෙන 'විශ්මකර්මයෙක්' වුණත්, තමන් දිහාවට එල්ල වෙන 'චෝදනා'වලින් හෝ ගැළවෙන 'හැටියක්' ජෙරොම්ට තේරුණේ නැහැ. (සමහර විට ඒ නිසාම වෙන්න පුළුවන් ජෙරොම් තාම ලංකාවට නාවේ...)

'පාස්ටර් ජෙරොම්' ගැන මේ 'ආසන්නතම' කතාබහට හේතුව වුණේ පසුගිය දවසක 'ලංකාදීප' සමඟ එක්වෙමින් 'ශානිකා වනිගසේකර' කියපු කතාවක්.

'මංගල නැකතේ' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ 'ශානිකා' නොහොත් 'බේබි ශානිකා'වත් ඒ සමයේ 'ජෙරොම්' ගේ වැඩසටහන් බොහෝමයක් දැක ගත හැකි වුණා.

කොහොම වුණත්, 'ජෙරොම්' ගැන 'ශානිකා' මේ සම්මුඛ සාකච්ඡාවේ දී වෙනස්ම විදිහේ කතාවක් කියනවා.

'මම ඒ වර්ක්ශිප් එකේ ලීඩර් කෙනෙක් විදිහට අවුරුදු 5ක් ඉන්නවා. මම පාස්ටර් ජෙරම් ව ඔය පල්ලියට යද්දි දැකලා තිබුණේ නෑ. මම දැක්කේ හුඟ කාලයකට පස්සෙ. එයා කිසිම කෙනෙක් එක්ක අනවශ්‍ය ආකාරයට සම්බන්ධකම් පවත්වගන්න කෙනෙක් නෙවෙයි. මේ අවුරුදු 8ටම මා එක්ක කතා කරලා ඇති පස් සැරයක් හෝ හය සැරයක්. ඒ ඇවිල්ලා එයාගේ ඩියුටි එකට...'

පාස්ටර් 'ජෙරොම්' ආන්දෝලනාත්මක 'ප්‍රකාශය' සිදු කරන මොහොතෙත් තමන් එතැන හිටියා කියලා 'ශානිකා' කියනවා.

'මම එදා ඒ සිද්ධියේ දී මම එතැන හිටියා. එයා අපේ බයිබලයේ තියෙන දෙයක් පැහැදිලි කළා. ඒ ක්ලිප් එක සම්පූර්ණයෙන්ම අහන කෙනෙක්ට ඒක මහ දෙයක් වෙන් නෑ. ඔය පේජ් වලින් දාපු ක්ලිප් එක විතරයි මිනිස්සු ඇහුවේ. හැබැයි ඒක අහපු ගොඩක් බෞද්ධ අයම ෆුල් ක්ලිප් එක අහලා මට කතා කරලා තිබුණා. ඒකේ මුකුත් නෑනේ කියලා. එයා කිසිම කෙනෙක්ට අගෞරව කරන කෙනෙක් නෙවෙයි. හැබැයි කියන්න තියෙන දේ කෙළින් කියනවා. එයා කිසිම කෙනෙක්ට බය නෑ.'

'මගේ ෆාදර් එයා කියන්න මම බයකුත් නෑ. මගේ ලයිෆ් එක හදාගන්න එයාගේ වචන ලොකු මට උදවුවක් වුණා. එයා අපිව හැදුවා. එයා ගාවට එන අයව එයා පාවිච්චි කරන් නෑ. එයා කිසිම කෙනෙක්ව පහළට දාන්නෙ නෑ. දෙවියන් වහන්සේ ව මට හරියටම මුණගස්සපු කෙනා එයා.....'

'එයා ලංකාවට එනවා. මම ගොඩක් දේවල් ඒ ගැන කියන් නෑ. නමුත් එයා එනවා. එයා ආවයින් පස්සෙත් මම ආයෙම එයාගේ ප්‍රෝගෑම් එකට යනවා.....'

'ආගමික ඇදහීම' ඔිනෑම කෙනෙක් ට තියෙන 'අයිතිය'. සහ ඒක පෞද්ගලිකත්වය. ඒ නමුත්... පාස්ටර් ජෙරොම් ගැන සිද්ධි ගණනාවක් 'අනාවරණය' වන්නට පටන් ගත් මොහොතේ පටන් 'ජෙරොම්' ව තදින් ම අල්ලාගෙන උන් පාර්ශවත් බොහෝමයි. (ඒ ශානිකා විතරක් ම නෙවෙයි...)

කොහොම වුණත් 'ශානිකා'ගේ මේ 'ප්‍රකාශයට'ත් රසිකයින් විවිධ ආකාරයෙන් ප්‍රතිචාාර දක්වා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

ශානිකා දෙවියන් වහන්සේට ජේසුට ගොඩක් ආදරේ බව පේනවා. පුදුම ඇදහිල්ලක් තියන බව පේනවා. ඒ ගැන හරිම සතුටුයි. නමුත් ඉන්නෙ වැරදි සහාවක කියලා හිතෙන කොට හරිම දුකයි. එයා ඒ බව හරියට නොදන්න කමටනෙ යන්නේ ඒ නිසා කරන්න දෙයකුත් නෑ. ⁣එවැනි සහාවක හිටියත් එයාට උන්වහන්සේගේ ආශිර්වාදය තියෙයි. මොකද අදහන්නේ ජේසුවනෙ. වැරදි සහාවන් වලත් හාස්කම් වෙනවා. මොකද උන්වහන්සේව අදහන සෙනගව ගලවන්න සුව කරන්න උන්වහන්සේට බූරුවෙක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ බූරුවෙක් ලවා ප්‍රොපේත වරයෙකුටත් කතා කලා. (හැබැයි වැරදි සභාවල් වල යක්ෂයාත් හාස්කම් කරනවා. ඒකත් මතක තියා ගන්න ඕනෙ)' (චාන්දනී දිල්රුක්ෂිගේ කමෙන්ටුවක්...)

'ශානිකා හොද කතෝලික ආගමේ කෙනෙක් .පාසලේ ගීතිකා කණ්ඩායමේ පවා හිටපු කෙනෙක්.එහෙම හිටපු ඔයා අක්කෙ ජෙරම්ගේ ආගමට ඇන්දුන එක ගැන දුකයි.අක්කෙ ඔයා ඔයාගේ හැකියාවෙන් උත්සහයෙන් ඔයා අද ඔය ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.ජෙරම් ඔයාගේ ජිවිතේ වෙනස් කරෙත් නැ .ඔයායි ඔයාගේ ජිවිතේ ලස්සනට වෙනස් කර ගත්තෙ ඔයාගේ හැකියාවෙන්.⁣ජෙරම්ට ආගමට රැවටෙන්නෙ ඇයි.' (උපුලි සොයිසාගේ කමෙන්ටුවක්..)

Shanika we really appreciate that you have talked real truth about Prophet Jerome fernando . People can say anything. But our ALMIGHTY LORD JESUS knows what is truth about our Spiritual Father Prophet Jerome fernando . He is not hiding. He didn't do any wrong thing. He is a Prophet of entire world. God will bring him to Sri Lanka at Gods timing. God bless both of you. (ශානිකා ස්තුතියි ජෙරොම් ගැන ඇත්ත කිවුවට. ඔහු හැංඟිලා නෑ. ඔහු කිසිම වැරදි දෙයක් කළේ නෑ. දෙවියන්ගේ වේලාවට දෙවියන් ඔහුව ලංකාවට අරන් එයි...)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka