gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපන් දිනයදාම පාසලේ තාප්පයට සිසුවිය බිලිවෙයි - තවත් සිසුන් 5කට තුවාල!

තම සයවැනි උපන් දිනය යෙදුණු ඊයේ (15 දා) වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ වතුර කරාම සහිත අනාරක්ෂිත තාප්ප බැම්මක් කඩාවැටී 1 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දියණියක ඉතා අවාසනාවන්ත අන්දමින් මියගියාය. 
 
මෙසේ අවාසනාවන්ත අන්දමින් මියගොස් තිබුණේ වැල්ලම්පිටිය වේරගොඩැල්ල අංක 104/45 දරන නිවසේ පදිංචිව සිටි සෙහන්සා නෙත්සරණි නමැති සිඟිත්තියකි.

මෙම සිදුවීමෙන් තවත් සිසු – සිසුවියන් 5 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බව එම රෝහල් ප්‍රකාශිකාවක් ‘දිවයින’ට පැවසුවාය.

තාප්ප බැම්මට යටවී සිටි සිසු – සිසුවියන් ඉවතට ගැනීමට එම ප්‍රදේශවාසීහු මහත් වෙහෙසක් ගත්හ. අදාළ තාප්ප බැම්ම කොටස සූක්ෂ්ම ලෙස ඉවත් කර ඊට යටවී සිටි දරුවන් හයදෙනා රෝහල්ගත කිරීමට පිරිස පිරියවර ගත්හ.

එම්. අයි. එම්. සෆාන් (6), එච්. එම්. ජේ. එම්. එස් ලක්සිත් (6), එස්. ඒ. ශාන් නෙත්සර (6), නිමේධා (6) යන සිසු දරු දැරියෝ මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබති.

අප ඊයේ වේරගොඩ විද්‍යාලය වෙත යන විටත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හැරිසන් හෙට්ටිහේවා මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කරමින් සිටියහ.

සිසු දැරු දැරියන් යටවී තිබූ අදාළ ජල කරාම සහිත කොන්ක්‍රීට් තාප්පය ඉතා අනාරක්ෂිත අන්දමින් ඉදිකර තිබූ බව බැලු බැල්මටම පෙනෙන්නේ යැයි එහි සිටි පොලිස් නිලධාරීහු පැවසූහ.

අඩුම තරමින් පොළොවට සම්බන්ධ වන ලෙසට කොන්ක්‍රීට් කම්බිවත් දමා නොතිබූ බව ද ඔවූහු කියා සිටියහ.

ඉන් අනතුරුව අපි මෙම සිද්ධියෙන් මියගිය සෙහන්සා නෙත්සරණි දියණියගේ නිවසට ගියෙමු. ඒ යන විටත් දියණියට අත්වූ විපත අසා විශාල පිරිසක් එක්රොක් වී සිටිනු දැකගත හැකි විය. ප්‍රදේශයම එකම මළගමක් බවට පත්වී තිබිණි. එහිදී හමුවූ සෙහන්සා දියණියගේ ආදරණීය මිත්තණිය වන පි. එම්. මල්ලිකා මහත්මිය හැඬූ කඳුළින් මෙසේ පැවසුවාය.

“දෝණිගේ අම්ම ඉන්නේ රට. තාත්තා පිටි කම්පැණියක වැඩ කරනවා. දෝණිට අයියල දෙන්නෙක් ඉන්නවා. මම තමයි මේගොල්ලන්ව බලාගන්නේ. අද දෝණිගේ උපන් දිනය. අද උදෙන්ම නැඟිටලා මුහුණ හෝදලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුණා. මම කිරිබත් ටිකක් හදල දුන්නා. දෝණිගේ තාත්ත කිව්වා අද හවසට කෙක් එකක් ගේනවා, හවසට කපමු කියලා. දෝණි කිරිබත් ටිකත් අරන් ඉස්කෝලෙට ගියා. උදේ වැස්සකුත් තිබුණා. උදේ 10.30 ට විතර මට ආරංචි වුණා දෝණියි තව ළමයි කීපදෙනකුයි ඉස්කෝලෙ තාප්පයකට යටවෙලා කියලා. මම මේ දුක දරාගන්නෙ කොහොමද? දෝණි උදේ ඉස්කෝලෙ යනකොට ආච්චි අම්මේ දවල්ට මට කිරිබත් කැල්ලකුයි, මාළු බැදපුවායි තියන්න කියලයි ගියේ. ඔය වචන ටික තමයි දෝණි අන්තිමට කිව්වේ

දෝණි හරි හුරතල්. ගමේ හැමෝමත් දෝණිට ආදරෙයි. දෝණිගේ උපන් දිනය දවසේ මෙහෙම දෙයක් වෙයි කියල කවුද හිතුවෙ දෙයියනේ.

ඊළඟට මියගිය සෙහන්සා දියණියගේ වැඩිමල් සොයුරකු වන සදෙව් සුලක්ෂණ (9) මෙසේ පැවසීය.

අනේ අපේ නංගි. නංගිට මේ අනතුර වෙනකොට මාත් ඉස්කෝලෙ. අපේ නංගි ඉන්ටවල් එක වෙලාවේ වතුර බොන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ තමයි තාප්පයට යටවෙලා තියෙන්නේ. පස්සෙ චතුරංග අංකල් ඇතුළු කට්ටියක් තාප්පය අයින් කරලා

යටවෙලා හිටපු නංගිලා මල්ලිලා රෝහලට අරන් ගිහින් තිබුණා. දැන් අපිට නංගි නැතුව පාළුයි. එයා ඉන්නකොට පාළු නැහැ. එයා මොනව හරි දෙයක් කරල අපිව අවුස්සනවා. ඒත් දැන් කවුද අපිට එහෙම කරන්නේ.

සෙහන්සා දියණියගේ වියෝව අසා කම්පනයට පත් වැඩිමහල් සොහොයුරු සසිඳු පුතු සිය හිස බිත්තියට ගසා ගත්තේය. පසුව ඥාතීහු එය වැළැක්වූහ.

“මෙතන මේ ටැප් සවි කරල තිබුණු තාප්ප කොටස අනාරක්ෂිතයි. මේවා ගැන පාසලේ බලධාරීන් අවධානය යොමු කරන්න තිබුණා. දැන් බලන්න එක දරුවෙක්ගෙ ජීවිතය අකාලයේ නැති වුණානේ. මේක ඉදිකරපු අය ගැන වහාම පරීක්ෂණයක් කරන්න. නැත්නම් අපේ ළමයින්ගේ ජීවිතත් අවදානමේ” යැයි පාසලේ දෙමාපියෝ ‘දිවයින’ට පැවසූහ.

කඩාවැටුණු, අනාරක්ෂිත ජල කරාම සහිත තාප්ප බැම්ම ඉදිකළ අය සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකරන බවත්, ඊට පෙර ඒ ගැන අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් හෙට්ටිහේවා මහතාපැවසීය.

කඩාවැටුණු තාප්ප බැම්මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් එම දෙමාපියන් එල්ල කරන චෝදනා ද සැලකිල්ලට ගෙන මෙම පරීක්ෂණය සිදුකරන බව ද හේ කීය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් හෙට්ටිහේවා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන අසේල, ප්‍රියශාන්ත, ජීවන්ත, පොලිස් සැරයන් සමරවික්‍රම (56206), පොලිස් කොස්තාපල් ලක්රුවන් (85418) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්,ඡායාරූප – කමල් බෝගොඩ
‘දිවයින’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka