gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2023 ක්‍රිකට් ලෝක කුසලානය : ඉන්දියාව අවසන් තරගයට!

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඉන්දියාව අද (නොවැ. 15) සමත් විය.

ඒ, අද (නොවැ. 15) ඉන්දියාව සහ නවසීලන්තය අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවති පළමු අවසන් පූර්ව තරගය ජය ගැනීමෙනි.

එහිදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් ලබා ගත්තේ ය.

විරාට් කෝලි පන්දු 113කදී ලකුණු 117 රැස් කිරීමට සමත් වූ අතර එය ඔහු සිය එක්දින දිවියේ ලබා ගත් 50 වන ශතකය විය.

ඒ අනුව, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩි ම ශතක ලාභියාගේ වාර්තාව විරාට් කෝලි සතු විය.

මීට පෙර සචින් ටෙන්දුල්කාර් සහ විරාට් කෝලි ශතක 49 බැගින් රැස් කර ගෙන සිටියහ.

ශ්‍රෙයාස් අයියර් පන්දු 70ක් තුළ ලකුණු 105 රැස් කළ අතර ශුබ්මන් ගිල් ලකුණු 80ක් රැස් කරමින් කණ්ඩායමට තම දායකත්වය ලබා දුන්නේ ය.

පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 3ක් දවා ගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 398ක ඉලක්කයක් හඹා යමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණි.

ඒ අනුව, ඉන්දියානු කණ්ඩායම ලකුණු 70කින් තරගය ජය ගැනීමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් ශතකයක් ද ලබා ගනිමින් ලකුණු 134ක් රැස් කළ අතර කේන් විලියම්සන් ලකුණු 69ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර ජැස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදව් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka