gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

Online Users

gossip lanka gossip lanka gossip lanka

"මුල් මාස තුනේ මට ගොඩක් අමාරු වුණා.." - උතුම් මව් පදවියට සැරසෙන ජනප්‍රිය නිළි රුවංගි

පුංචි තිරය සහ රිදී තිරය හැඩකරන සුරූපි රංගන ශිල්පිනියකි, රුවංගි රත්නායක.

ඇය කවදත් තමන් දිනූ ජනප්‍රියත්වය එක්ක හිමින් ගමනක් ආව චරිතයක්.

ඒ වගේම තමයි විවාහයත් එක්ක ඈ නිර්මාණ කටයුතුවලින් දැකගන්න ලැබුණෙත් හරි අඩුවෙන්.

නිර්මාණ කාර්යයෙන් එහෙම වෙද්දි, රුවංගි සමාජ මාධ්‍ය තුළත් නිතර දකින්න ලැබෙන ජනප්‍රිය චරිතවලට වඩා තරමක් අඩු සමාජ මාධ්‍ය භාවිතාවක් තමයි දක්වන්නෙ.

ඇය කියන විදියට නම් ඈ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය වුණාට ඇය ඉන්නෙ ඉන්ස්ටග්‍රෑම් විතරයි.

කොහොම නමුත් ඒ හරහා වුණත් සිය පෞද්ගලික ජීවිතය ඕනෑවට වඩා සමාජයට නිරාවරණය කරන කෙනෙක් නෙවෙයි ඇය.

''මම හිතනවා ගොඩක්ම පවුල් ජීවිතේ දේවල් එළියට දෙන්න අවශ්‍ය නෑ කියලා.

පවුල් ජීවිතේ සාර්ථකව ඉදිරියට ගෙනියන්නත් ඒක පිටුවහලක් කියලා හිතනවා.

මම ඉන්ස්ටග්‍රෑම් විතරයි ඉන්නෙ.

මම හිතනවා ගොඩාක්ම ප්‍රේක්ෂකයට දැනගන්න දේවල් එළියට දුන්නාමත් ඒක එච්චර හොඳ නෑ කියලා.

එක එක්කෙනා දේවල් දකින්නෙ විවිධ මත හරහානෙ.

ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය දේ දුන්නාම ඇති කියලා මම හිතනවා...''

ඒ නිසාමයි රුවංගි සිය ජීවිතයේ උතුම් ම පදවියට, ලස්සනම කාලයකට සූදානම් වන පුවතත් බොහෝ පිරිසක් නොදන්නෙ.

ඔව්... ඔබ අපි ආදරේ කරන සුන්දර සිනහවේ හිමිකාරිය රුවංගි, ආදරණීය මව් පදවිය ලබන්න සූදානම්.

''පවුල් ජීවිතේ තමයි දැන් මුල්තැන වෙලා තියෙන්නෙ.

අපි බැඳලා අවුරුදු හතරක් නොවැම්බර් වෙනකොට.

මෙච්චර කල් ගත වුණාද කියලත් හිතන්න අමාරුයි.

කවුරු හරි අහනකොට තමයි මතක් වෙන්නෙ බැඳලා මෙච්චර කල් හිහින් කියලා.

ඉතින් දැන් අලුත් වෙනසකුත් තියෙනවා.

ඒ වෙනසත් එක්ක අපි දෙන්නම සතුටින් ඉන්නවා.

අපිටත් වඩා අම්මලා තමයි ගොඩක් සතුටින් ඉන්නෙ...''

මේ ආදරණීය සුබ ආරංචිය ගැන ගෙවුණු දවසක ඇය ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක් හා එක්ව මේ විදියට කියලා තිබුණා.

''දැන් මාස පහක්. ප්‍රෙග්නට් වෙලා මාස පහයි. ඉතින් ගොඩක් අය අහපු දෙයක් තමයි මේ.

දැන් මැරි කරලා ටිකක් කල් යනකොට ගොඩක් අය එහෙම අහනවනෙ.

මම කිසිම ප්‍රෝග්‍රෑම් එකකවත් ඒ ගැන කිව්වෙ නැත්තෙ මාස තුනක් යනකල් කියන්න එපා කියලා ගෙවල්වලින් එහෙම කියනවනෙ, සමාජෙ ගොඩක් අය කියනවනෙ මාස තුනක් සම්පූර්ණ වෙනකල් කියන්න එපා කියලා. ඒකයි....''

අම්මා කෙනෙක් වෙන්න හීන දකින ඕනිම කෙනෙක් කාලයක් තිස්සෙ බලාපොරොත්තුවෙන් ඉන්නවා තමන් ළඟට එන කෙනා දුවෙක් ද පුතෙක් ද කියලා කල් තියාම දැනගන්න.

ඒ ගැනත් රුවංගි මේ විදියට කියලා තිබුණා...

''තාම බැලුවෙ නම් නෑ. මාස පහ සම්පූර්ණ වුණාට පස්සෙ තමයි ස්කෑන් එක කරනවා කිව්වෙ.

පළවෙනි බබා නිසා මම හිතනවා දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ කියලා. හස්බනුත් එහෙම තමයි.

පළවෙනි බබා නිසා දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑලු...

දැන් කවුරු වුණත් කමක් නෑ කියලා හිතාගෙන ඉන්නවා...''

''.....තාම අපි බඩු ගන්න පටන් ගත්තෙ නෑ. ඉතින් ගොඩක් ආසාවෙන් ඉන්නෙ. මම නම් ප්ලෑන් කරනවා මොනවද ගන්නෙ එහෙම කියලා.

හස්බන්ඩ්ටත් විටින් විට කියනවා. එයා කියනවා හරි හරි අපි ඒවා ගමු ඔයා ඔක්කොම බලාගෙන තියාගන්නකො කියලා.

එයාගෙ අම්මයි අපේ අම්මයි තමයි මඟ බලාගෙන ඉන්නෙ.

හැමදාම කෝල් කළාම බබා දඟලනවද, මොනවද කන්නෙ එහෙම ප්‍රශ්න ගොඩයි ඉතින්...''

අම්මා කෙනෙක් වීම කියන්නෙ වචන කරන්න අමාරු හැඟීමක්.

කතාවටත් කියනවනෙ අම්මා කෙනෙක් වෙන්නම ඕනි ඒක දැනෙන්න කියලා.

සමහර තැන්වල අම්මලා දුක් විඳිනවා කියලා පිටට පේන තැන්, ඔවුන්ට සුන්දර අත්දැකීම් වෙන්නෙත් අන්න ඒ විශේෂ ගුණය නිසයි.

ඒකට අම්මා කෙනෙක් වෙන්නම ඕනි ඉතින්...

''....මම හිතන්නෙ මේ අවස්ථාව එන්නම ඕනි ඒක තේරෙන්න. නැත්නම් හිතෙන්නෙවත් නෑ කවදාවත්.

මුල් මාස තුනේ මට ගොඩක් අමාරු වුණා. මම අම්මගෙනුත් අහපු දෙයක් තමයි අම්මටත් මෙහෙම වුණාද කියලා.

කෑම කන්න බැරුව හිටියා. අම්මා කියනවා ඔයාලා හතරදෙනාම හම්බෙන්න ඉන්නකොට එයාටත් මෙහෙම වුණා කියලා.

කාලෙ ගත වෙනවත් එක්කම දැන් හිතෙනවා ඒක එච්චර දෙයක් නෙවෙයි කියලා.

ඒ දවස්වල දරාගන්න අමාරුයි. කාලයත් එක්ක තේරෙනවා ඒක අමාරුවක් නෙවෙයි සුන්දර අත්දැකීමක් කියලා.

ඒ දැනෙන අමාරුකම් අපහසුකම් ඒ මොහොතට විතරයි.

මව් සෙනෙහස කියන්නෙ ඒක තමයි.

ඉතින් ගොඩක් ආසාවෙන් ඉන්නවා බබෙක් අතට ගන්න...''

''දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස් කෑම කන පිළිවෙළ එහෙම.

මම සැර කෑම කන්න කැමති කෙනෙක්. දැන් ඒ දේවල් කන්නෙ නැතිම තරම්.

ඉස්සර කොච්චි සම්බෝල එහෙම කන්න හරි කැමති. දැන් ඒවා කන්නෙ නෑ.

පැණි රස නම් එදා ඉදන්ම කෑවෙ නෑ. දැන් හිතලම කන්නෙ නෑ.

ඒකෙනුත් ගොඩක් පරිස්සම් වෙනවා....''

ඔන්න එහෙනම් හීන ගොඩක් පුරවගෙන ලස්සනම දවසකට දින ගණින රුවංගිට අපිත් ආදරෙන් සුබපැතුම් එකතු කරනවා, සුන්දර ආදරණීය අම්මා කෙනෙක් වෙන්න කියලා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka