gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙනියායේ හිමි නමගෙන් පහර කෑ පොලිස් නිලධාරියා මිය යයි

හිමි නමක විසින් තියුණු ආයුධයකින් පහර දෙනු ලැබීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා ඊයේ (නොවැ. 19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස මියගොස් ඇත.

දෙනියාය, පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමි නමක විසින් එම ප්‍රදේශයේ ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසලදී නොවැ. 16 වන දින පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත පිහියකින් අදාළ පොලිස් නිලධාරියාට පහර දෙනු ලැබ තිබිණි.

ඔහු උඩගොමඩිය, කටුවන ප්‍රදේශයේ පදිංචි, විවාහක නිලධාරියෙකු වන අතර, සැකකාර හිමි නමගේ වයස 20ක් පමණ වන සහෝදරියක සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇතැයි මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධතාව නවතා දමන ලෙස හිමිනම විසින් පොලිස් නිලධාරියාට අවස්ථා කිහිපයක දී දැනුවත් කරනු ලැබ ඇතැයි ද අනාවරණය වී.

අදාළ පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන හිමිනමගේ සහෝදරියගේ නිවසට ඉකුත් 16 වන දින ගොස් සිටියදී සැකකාර හිමිනම  නිලධාරියාට දුරකතනයෙන් පණිවුඩයක් ලබා දී තිබූ ඇත.

ඒ අනුව, හිමි නම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසලදී හමු වී ඇති බව සඳහන් ය.

එම අවස්ථාවේදී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව සැකකාර හිමිනම විසින් මල්ලේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙළ ප්‍රදේශයට පහර දී ඇතැයි පොලිසිය පැවසීය.

සැකකාර හිමි නම දෙනියාය පොලිස් ස්ථානයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka