gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම ශිෂ්ට සම්පන්න නැහැ - ඩේලි මේල් පුවත්පත කියයි

පෙරේදා (19දා) ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට යහපත් ප්‍රතිචාර දැක්වීමට ඉන්දීය ප්‍රේක්ෂකයන් හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශිෂ්ටසම්පන්න නොවූ බව එංගලන්තයේ පළවන “ඩේලි මේල්” පුවත්පත සඳහන් කර තිබේ.

පෙරේදා දිනයේ ඔස්ටේ්‍රලියාව හා ඉන්දියාව අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය නැරඹීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත වූ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම

කනගාටුදායක හා නොමේරු තත්ත්වයේ පැවති බවත් එම ප්‍රේක්ෂකයන් මතභේදයට තුඩු දෙන ආකාරයේ විනිසුරු තීන්දු ලබා දී නොතිබියදීත් අවසන් තරගය විනිශ්චය කළ රිචඩ් කෙට්ල්බෝරෝ හා රිචඩ්

ඉලින්ග්වත් යන විනිසුරුවරුන් සිය තිලිණ ලබා ගත් අවස්ථාවේදී ඔවුනට හූ කීමෙන් ඒ බව පැහැදිලි වන බව ඩේලි මේල් පුවත්පතේ ක්‍රීඩා වාර්තාකරුවකු වන ඔලි ලුවිස් සඳහන් කර තිබේ.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රාහී ලෝක කුසලානය පිරිනමන අවස්ථාවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිටියේ දක්නට නොලැබුණු බවත් එසේ සිය ප්‍රතිවාදී කණ්ඩායමට ලෝක කුසලානය පිරිනමන විට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ආසන්නයේ නොසිටීම දැකීමට අකමැති දසුනක් බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයකු වන මයිකල් වෝන් පවසා තිබේ.

ඉන්දීය විකට නළුවකු වන අංශු මෝර් ද සිය සමාජ මාධ්‍යජාල ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ අහමදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගයෙන් අනතුරුව සිදු වූ තිළිණ ප්‍රදානයේදී අවසන් මහා තරගය විනිශ්චය කළ විනිසුරුවරුන් දෙපළට හූ කීමෙන් හා ජයග්‍රාහී ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සිය තිළිණ ලබා ගන්නා අවස්ථාවේ ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ගේ නම පවසමින් ප්‍රේක්ෂකයන් කෑ ගැසීමෙන් ඔවුනගේ හැදියාව පෙන්වා ඇති බවයි, “මින් ඉදිරියට මෙවැනි විශාල ක්‍රීඩා තරග පැවැත්විය යුත්තේ විශිෂ්ට ක්‍රිකට් සංස්කෘතියක් පවතින මුම්බායි, චෙන්නායි හා කොල්කටා වැනි නගරවල බව ඔහු සඳහන් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka