gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයින් දෙදෙනෙක්!

පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, එම තනතුරෙන් මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්විය.

ඒ අනුව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ටෙස්ට් කණ්ඩායමට සහ විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නව නායකයින් දෙදෙනෙක් නම් කිරීමට කටයුතු කර තිබේ.

 පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, ටෙස්ට් නායකයා ලෙස ෂාන් මසූඩ් නම්කර ඇති අතර විස්සයි විස්ස නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි ව නම් කළ බවයි.

එක්දින ජාත්‍යන්තර තරගාවලියක් නුදුරේදීම නොපැවැත්වෙන බැවින් එක්දින කණ්ඩායම සඳහා නායකයෙක් පත්කර නොමැත. ඔවුන් දෙදෙනාගේ පළමු අභියෝගය වන්නේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය යි.

මේ අතර කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස මොහොමඩ් හෆීස් ව නම්කර තිබේ. එම තනතුරේ කටයුතු කළ මිකී ආතර් ගේ කොන්ත්‍රාත්තුව අත්හිටවූ බව සඳහන්ව නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka