නිරුවතින් නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇදුම් සොරකම සහ කාන්තාවන් නිදියන ආකාරය නරඹමින් සතුටු වන බව කියන පුද්ගලයෙකු අතුරුගිරිය බක්මීගක පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
එලෙස නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සමඟින් සොරා ගත් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති ජංගම දුරකතනයක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ස්ථාවේදී සොයා ගෙන ඇත.
අතුරුගිරිය පෝරේ සහ බික්මීගහ පාර ප්‍රදේශවල රාත්‍රී කාලයේ සැරිසරන නිරුවත් පුද්ගලයෙකු පිළිබඳව පැමිණිලි මත ලද තොරතුරක් අනුව නේවාසිකාගාරයක සැඟව සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් බවත් මුහුණ පුරා රැවුල පුරා වවා සිටි සැකකරු එම අවස්ථාවේදී රැවුල කපා දමා සැඟව සිටි බව ද පොලීසිය පවසයි.
ප්‍රදේශයේ ජනතාවට කාලයක සිට මහත් කරදරයක්ව පැවති මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව අත්පුඩි ගසමින් සිය සතුට පළ කළ බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව සිරිපුර මීවත්පුර පදිංකරුවකු වන 27 හැවිරිදි කම්කරුවෙකි. විවාහකයකු වන සැකකරු තම ගම් පෙදෙසේ ද මෙවැනි කටයුතු වල නිරත බැවින් ප්‍රදේශයේ තබා ගැනීමට නොහැකි නිසාවෙන් රැකියාවක් සඳහා කොළඹට පිටත් කර එවූ බව සැකකරුගේ බිරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, පොලිස් සැරයන්වරුන් වන (36709) සුකුමාරන් (38307) ජයසුන්දර, පොලිස් කොස්තාපල් (84898) හර්ෂ යන නිලධාහු පරික්ෂණ පැවැත්වුහ.