gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවාට මව අහිමි කළ රුපියල් 3,000ක විදුලි බිල!

පුත්තලම පුලිදිවාසල ප්‍රදේශයේ කාන්තාවක් විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

මියගිය කාන්තාව සහ ඇගේ සැමියා කුලී වැඩ කරමින් ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

පැවති ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් අදාළ කාන්තාව පදිංචි නිවසේ රුපියල් 3,000ක විදුලි බිල ගෙවා දැමීමට නොහැකි වීම නිසා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් එය විසන්ධි කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ඇගේ මවගේ නිවසෙන් විදුලි වයරයක් තම ඉඩමේ ඇති විදුලි මෝටරයට සවිකර ඉන් ජලය පුරවා ගෙන ඇති අතර එලෙස ජලය පිරවීමට යෑමේදී අදාළ කාන්තාවට විදුලි සැර වැදී ඇති බවයි.

මෙලෙස විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාව කඩිනමින් පුත්තලම මුලික රෝහටල ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 38ක පුලිදිවාසල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

කෙසේ වෙතත් ඇගේ දේහය ඇය පදිංචි නිවසට රැගෙන ඒමට පෙර ප්‍රදේශවාසීන් විසින් අදාළ හිඟ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර තිබූ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයින් ඇගේ නිවසට විදුලිය ලබා දීමටද කටයුතු කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka