gossip lanka

ලේ නෑකම් අමතක කළ මල්සරා බිරිඳගේ නංගිගේ ජීවිතයම විනශ කරලා.. ඒ කළ විනාශයට මේ ලැබුණ දඩුවම ප්‍රමාණවත් ද..?

තමගේ බිරිඳ කියන්නේ කාලයක් තිස්සේ පෙම් කළ ඇගේ ජීවිතය බෙදාගත් හොඳම මිතුරියයි...

විවාහයක් දක්වා දුව යන මේ සම්බන්ධතාව කොච්චර නම් ශක්තිමත් වෙන්න ඕනද..?

එහෙම දුර ගිය කතාවක් ඇතුලේ ඇත්තටම මෙහෙම දෙයක් ඇය ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති... ඇය මැවූ හීන මාලිගා බිඳීගියාටත් වඩා ඇයට දුකක් ඇත්තේ ඇගේ සහෝදරියට අත්වුණ අඳුරු ඉරණම ගැනයි..

මේ වසර ගණනකට කළින් සිදුවුණ ඒ අඳුරු කතාවයි..

සිය බිරිඳගේ බාල සහෝදරිය බලහත්කාරයෙන් කැළයකට රැගෙන ගොස් ඇයට කාලයක් තිස්සේ ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරුවෙකු වූ මුලතිව්, පුදුකුඩීඉරිප්පු ගම්මානයේ පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් විසින් වසර 10ක බරපතල වැඩ සහිතව සිර දඬුවමක් ඊයේ නියම කර තිබෙනවා...

වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර තුනකින් දීර්ඝ වන බවද සදහන් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ...

2012 මාර්තු මස 05 වෙනිදා මෙම දැරියව නගරයට කැටුව යමින් සිටියදී විත්තිකරු විසින් ඇයව අසල කැලයකට රැගෙන ගොස් මුල්වරට ලිංගික අතවර සිදුකොට ඇති අතර, දැරියව බිය ගන්වා පසුව ඔහු ඉතා දීර්ඝ කාලයක් ඇයට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ගොනු වී තිබෙනවා...
gossip lanka