gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස් ආන්දෝලනාත්මක දැවීයාමකට හසුවෙයි - මෙලෙස දැවීයාමකට ලක් වූ ලොව පළවැනි ක්‍රීඩකයා ඔහුයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව දිල්ලියේ පැවැත්වෙන තරගයේ දී, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආන්දෝලනාත්මක දැවී යාමකට හසු වුණා.

ක්‍රිකට් නීති පොතේ දැවී යෑම් වර්ගීකරණයේ එන "Time Out" නීතිය අනුව කඩුල්ලක් දැවී යාමෙන් මිනිත්තු දෙකකට මත්තෙන් ඊළඟ පිතිකරු, පිතිකරණ අන්තයේ සීමා ඉර මතට පැමිණිය යුතු නමුත් මැතිව්ස් එසේ නොපැමිණීම මත බංග්ලාදේශ් නායකයා විනිසුරුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දැවීයාම සටහන් වුණා.

ඒ මොහොතේ තරගයේ විස්තර විචාරයේ නිරත වී සිටි රසල් ආර්නෝල්ඩ් කියා සිටියේ, මෙවැනි නීතියක් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණ ද මෙවැනි දැවීයාමක් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව බවයි.

කෙසේ නමුත් මැතිව්ස් ක්‍රීඩා පිටිය තුළට පිවිසීමේ දී ඔහුගේ හිස් ආවරණයේ පටියේ කිසියම් ගැටලුවක් තිබූ බව මැතිව්ස් පිටියේ විනිසුරු මාටිං එරස්මස්ට පවසා සිටියත් බංග්ලාදේශ කණ්ඩායම විසින් දැවීයාම ඉල්ලීම් කර තිබූ බැවින් මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු බවට තෙවැනි විසිනුරුගේ උපදෙස් මත පිටියේ විනිසුරු සඳහන් කළා.

ක්‍රිකට් ඉතිහාසයේ 2007 වසරේ දී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයක දී, ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් පිටියට පිවිසීමේ දී මේ ආකාරයෙන් කල් පමාවක් සිදු ව තිබූ අතර එවක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ග්‍රැහැම් ස්මිත් විසින්, දැවී යාමක් ලෙස එය ඉල්ලීමක් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මැතිව්ස් අද දිනයේ දී දැවී ගිය ආකාරය, ක්‍රිකට් නීති සංග්‍රහයේ එන 40.1.1 වගන්තිය යටතේ වලංගු දැවීයාමක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka