gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටොස් එක දින්නත් ඉන්දියාවට බැට් කරන්න දෙන්නැයි මහේල, කුසල්ට දැනුම් දීලා!

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කළේ මහේල ජයවර්ධන ගේ උපදෙස් අනුව යයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

තමන් මේ සිදුවීම ගැන පුද්ගලිකව දන්නා බවද පැවසූ ඔහු තමන්ට මහේල ජයවර්ධන සමඟ පුද්ගලික ආරවුලක් නැති බවද සඳහන් කළේය.

කාසියේ වාසිය දිනුවත් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දෙන්නැයි මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා නායකයාට උපදෙස් දී තිබූ බවද ඔහු පැවසීය.
 
ශ්‍රී ලංකාව ගත් එම තීන්දුව සම්බන්ධයෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයන් පවා පුදුමයට පත්වූ බවත් කාසි වාසිය තමන් දිනුවද මුලින් පන්දුවට පහර දීමට බලාපොරොත්තුවෙන් සිටි බව ඉන්දීය නායකයා පසුව මාධ්‍ය හමුවේ කියා සිටි බවත් ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදයේදී අදහස් පල කරමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka