gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'කාලෙකින් නේද හාමුදුරුවනේ? කවද්ද ආවේ? තනියම ද ආවේ? අර කාවද හංඟන් හිටියා කිවුවේ? එයා කෝ?': ජපන් රටෙන් අස්ථානගත වූ 'වොයිස් කට් සාදු' ආයෙම අවසානයේ මතුවූ තැන මෙන්න

මාගල්කන්දේ 'සුදත්ත' හාමුදුරුවෝ කාලෙකට කලින් 'කතාබහට' ලක්වුණත් හිටි හැටියේම 'ජපන්' රටෙන් අස්ථානගත වුණාට පස්සෙ... 'උන්වහන්සේ' ගැන 'හාවක් හූවක්' නැතිවුණා.

යම් යම් 'දේශපාලන' සංසිද්ධීන් නිසා 'මයික් කොටවල්' ඉස්සරහා 'කතා පවත්වන්න' ගන්න සුදත්ත හාමුදුරුවන් ව බොහෝ පාර්ශව විසින් හඳුන්වා දුන්නෙ 'වොයිස් කට් සාදු' කෙනෙක් විදිහට.

'ජපානයේ සිද්ධිය' ගැන මේ තාක් කිසිදු 'නිල ප්‍රකාශයක්' හෝ නොකළ 'උන්වහන්සේ' සිද්ධියේ 'උණුසුම' යට යන්නට දී නැවත වතාවක් කරළියට පැමිණ තිබෙනවා.

ඒ 'සීතා' ගැන 'හිත උණුවුනු' නිසාලූ. 'කාලෙකින් හාමුදුරුවනේ' කියලා මාධ්‍යවේදීන් ඇහුවා වුණත් යන්තමින් 'හිනා පුලුටක්' වීසි කරපු උන්වහන්සේ බොහෝම බැරුරූම්ව 'සීතා' ගැන කතා පවත්වන්න ගන්නවා. (කොටින්ම ජපන් රටේ දී මොකද වුණේ? අර කොලුවා කවුද? ඔබවහන්සේ කවද්ද ආවේ? මාර සිද්ධියක් නේද? ඔබවහන්සේව එයාලා එළව්වද? කියන ප්‍රශ්න ටික උන්වහන්සේගෙන් අහන්න මාධ්‍යවේදීන්ට අමතක වෙනවා. කාලෙකින් නේද කියලා විතරක් අහන්න මතක් වෙනවා...)

කවුද මේ මාගල්කන්දේ සුදත්ත හිමි....?

බීබීසී හි සඳහන් වන ආකාරයට බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ උපත ලබා ඇති 'සුදත්ත හිමි' ග්‍රාමාරක්ෂක සේවයේ යෙදී සිට තිබෙනවාලූ. එසේම පැවිදි වීමට පෙර දී 'රියදුරෙක්' ලෙසත්, අනතුරුව 'කොස්තාපල්වරයෙක්' ලෙසත් උන්වහන්සේ රැකියාවේ නියැලුණා කියලත් කියනවා.

'රන්ජන් රාමනායක' බන්ධනාගාරගත කිරීම වෙනුවෙන් 'මූලික' වුණේ ද උන්වහන්සේ යි.

වතාවක් උන්වහන්සේට අලි පැටවෙකු 'යම් කිසි දෙයකින්' පහර දෙන අයුරු දැක්වෙන 'වීඩියෝවකුත්' සමාජ මාධ්‍යයේ සංසරණය වන්නට වුණා.

පාස්කු ඛේදවාචකයෙන් අනතුරුව 'බූර්කාවක්' පැළඳ මාධ්‍ය හමුවේ 'කතා පවත්වන්නට' ගත් උන්වහන්සේ නිරන්තරයෙන් 'ජාතිවාදී' ප්‍රකාශ සිදු කරනවා ය යන 'චෝදනාව' ද උන්වහන්සේ වෙතට එල්ල වුණා.

මොකද්ද ජපානේදී වුණා කියන සිද්ධිය?

ජපන් රටේ දී යම් පිරිසක් උන්වහන්සේ රැඳි සිටි 'පන්සලක්' වටලා උන්වහන්සේට 'අතවර' චෝදනා එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඒ සමයේ 'සමාජ මාධ්‍ය' සංසරණය වුණා.

උන්වහන්සේ සමඟ 'තරුණයෙක්'ද සිටින අයුරු එහි දැකගත හැකිවුණා.

කොයි දේ වුණත්... නැවත වතාවක් සියල්ල 'අමතක වූවා' සේ හෝ 'කිසිවක් සිදු වූයේ නැත' යන හැඟීමෙන් මාධ්‍ය ඉදිරියේ උන්වහන්සේ 'කතා පැවැත්වීම' කොයි තරම් නම් අපූරුද?

සත්‍ය වශයෙන්ම 'සුදත්ත හිමියන්'ගේ මේ සිදුවීම, 'සර්ව සාධාරණය' කරන 'නාමික බෞද්ධයින්'ගේ තර්කය උන්වහන්සේ මෙසේ සිදු කිරීම උන්වහන්සේගේ 'පුද්ගලික කාරණාවක්' පමණක් බවයි. නමුත් අනෙක් අතට, මෙවැන්නක් වෙනත් 'පාර්ශවයක්' අතින් සිදු වුණා නම් ඔවුනොවුන්ගේ හැසිරීම කොපමණක් වෙනස් වෙන්නට ඉඩ තිබුණාද?

එපමණක් නොව, 'සදාචාරය සහ සංස්කෘතිය' ගැන උදම් අනන්න ගන්න 'සුදත්ත හිමි' ප්‍රමුඛ කල්ලීන්, 'සමලිංගිකත්වයට' සහ ඉන් එහා 'ලිංගික චර්යාවන්'ට මාධ්‍ය ඉදිරියේදී 'පමණක්' පහර දෙමින්, ඔවුන්ව හෙළා දකිමින් 'තිරය පිටුපස' සිට එවැනිම වූ 'හැසිරීම්'වල නියැලීම කොයි තරම් ජුගුස්සාජනකද?

ඒ කොයි දේ වුණත් 'අපේ රටේ මිනිස්සුන්ට හැමදේම මතක ටික කාලයයිනේ' යන්න වඩා වැඩියෙන් 'දන්න' සුදත්ත හිමියන්ව හෙට හෝ අනිද්දා දිහාවක මේ දූපතේ මිනිස්සු 'වන්දනාමාන' කරන්න ගත්තත් පුදුම වන්න නම් දෙයක් නැත.

මේ 'අරුම පුදුම දූපතේ' කතාන්දර බොහෝමයක් එහෙම ය....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka