gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇයි මම විරාත් කෝලිට සුබ පතන්නේ ? එදා මම කෝලිට විශ් කරපු නැති එකට කණගාටු වෙනවා – කුසල් පසුතැවෙයි (VIDEO)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිට සුබ පැතීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු විසින් කළ විමසීමට පිළිතුර ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් සඳහන් කලේ තමන් ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

“එයා මගෙන් එවලේ ඒ ප්‍රශ්නේ අහද්දී මම මුලින්ම බැලුවා ඇයි මෙයා මොකක්ද මේ අහන්නේ කියලා.. මොකද මම ගියේ මගේ කණ්ඩායම වෙනුවෙනුයි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙනුයි අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න.. ඉතිං ඒ වේලාවේ ඇත්තටම මම ඒ කිව්ව එක වැරදි කියලා හිතනවා.. මොකද ලකූණු 100 එවා 49ක් ගහනවා කියන එක ලේසි නැහැ.. ඒක ක්‍රීඩකයෙක් විදිහට දන්නවා කොච්චර අමාරු ද කියලා.. මොකද විරාට් කෝලි කියන්නේ ලෝකයක්ම දන්න, හැමෝම දන්නවා එයා කොච්චර හොඳ ප්ලෙයර් කෙනෙක් ද කියලා.. ඉතිං ඒ වෙලාවේ එයාට විෂ් කරපු නැති එකට කණගාටු වෙනවා..

මටත් අවශ්‍ය ශ්‍රී ලංකා ටීම් එක දිනවන එක.. ඉතිං ඉන්දියන් ප්ලේයර්ස්ලත් අපේ ටීම් එක ගොඩක් පල්ලෙහාට දාලා කතා කරලා තිබ්බා කලින් මැච්වල.. මම කැමති නෑ නායකයා විදිහට මගේ ටීම් එක පල්ලේහාට දාලා කතා කරනවට කිසිම වේලාවක.. රට පල්ලේහාට දානවාට, ටීම් එක පල්ලේහට දානවට.. පස්සේ මට හිතුනා වැරදි දෙයක් කිව්වේ කියලා.. මම ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා..

අපි කවදාවත් මැච් පරදිද්ද යන්නේ නැහැ ටීම් එකක් විදිහට.. අපි හැමදාම යන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න.. ටීම් එක වෙනුවෙන් තමන් වෙනුවෙන්.. ඉතිං මුලින්ම අපි තැන දෙන්නේ රට වෙනුවෙන්.. අපි හැමදාම බලන්නේ කොහොමද තරග ජයග්‍රහණය කරන්නේ කියන එක.. මම නායකයා විදිහට ඉල්ලන්නේ පුළුවන් තරම් අපිට උදව් කරන්න.. අපි වැටිච්ච වෙලාවට අපේ හොඳ දේවල්, විකට් ගත්තු දේවල්… බැට්ස්මන්ලා ලකුණු ගහපු වීඩියෝත් තියෙනවා.. ඒවා ෂෙයාර් කරන්න.. පුළුවන් නම් අපිට හොඳ දේවල් කියන්න..”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka