ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කළුදුර චමින්ද තාබ්‍රේවච් නොහොත් බලපිටියේ බොබ්මාලි නැමති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරු ඔහුගේ බිරිය සහ චීවරධාරියකු ඇතුළු සිව් දෙනෙක් ඊයේ (01)පස්වරුවේදී අත්අඩංගුවට ගත් බැව් ඕපාත පොලිසිය පවසයි.
මොවුන් විදේශගතවීමේ අරමුණින් ඕපාත වීරපාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඕපාත පොලිසියේ නිලධාරීන් විසින් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන ඇත.
කවුද මේ කුඩුකාර බොබ්මාලි –
බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති පරිදි ඩුබායි රැඳි සිටින පාතාල අපරාධකරුවෙක් වූ කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානම අපරාධකරු මේ තැනැත්තාය.
රාජ්‍ය බුද්ධි අංශය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් 2021 වසරේ අගෝස්තු මාසයේ සිදුකළ වැටලීමක දී බේරුවල මුහුදු තීරයේ ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන් 05 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් කිලෝ 288 ක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීම මෙහෙයවු ප්‍රධාන සැකකරු වූයේ මොහුය.
කළුදුර චමින්ද තාබ්‍රේවච් නොහොත් බොබ් මාලි නමැති ඔහු අංක 128/09, නිසංසලා මාවන, තලාහේන, මාලඹේ සහ අංක 522/1/2, සල්මල් මාවත, උඩුමුල්ල, බත්තරමුල්ල යන ලිපිනවල පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රැකියාව ලෙස බහුදින ධීවර යාත්‍රා නියමුවෙක් ලෙස කටයුතු කළේය.
අතට අසු වී අතහැරිය හැටි සහ යළි අත් අඩංගුවට පත් වූ හැටි
පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 09 දා මෙම පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඇල්පිටියේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සිය කොණ්ඩය සහ රැවුල කපා හඳුනා ගැනීමට අසීරු වන ආකාරයට සිය බාහිර පෙනුම වෙනස් කරගෙන සිට ඇත.
පොලිසිය විසින් ඡායාරූප සමඟ ප්‍රසිද්ධ කොට අල්ලා ගැනීම සඳහා මහජන සහය පැතූ පසුගිය 2021 අගොස්තු මාසයේ දිනකෙ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබී මෙන් පසුව මුදාහැරි පුද්ගලයෙකි.
ගාල්ල පොලිසියකින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ චන්ද්‍රිකා (සැටලයිට්) දුරකථනයක්ද ඔහු සතුව තිබී ඇති බව සඳහන්ය.
දූෂිත පොලිස් නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බොබ් මාලේ නැමැත්තා මුදා හැර ඇත්තේ අත යට සිදුවූ ගනුදෙනුවකින් පසුව බවට බුද්ධි අංශ සැක පහළ කර තිබිණි.
ඕපාත දී අත් අඩංගුවට ගැනීම
අද අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 45/10, සුභද්‍රාරාම පාර, බළපිටිය ලිපිනයේ පදිංචි කළුදුර චමින්ද තාබ්‍රේව් (43) නොහොත් බළපිටියේ බොබ්මාලි, නො. 337/5, කැන්දලියද්ද පාලුව, ගණේමුල්ල ලිපිනයේ පදිංචි වෙන්ගප්පුලි විදානච්චිගේ සුජානි කුමාරි වික්‍රමරත්ත (37), නො. 99/1, ‘රංගිරි’, බුද්දගයා, වීරපානේ ලිපිනයේ පදිංචි මහේන්ද්‍ර රණසිංහ සහ ශ්‍රී බෝධිරාජාරාමය, බතලහේනවත්ත, ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි වීරපානේ සීලසුමන (27) යන සිව් දෙනාය.
සැකකරුවන් ඉහත සිව්වන (04) සැකකරු වන වීරපානේ සීලසුමන හිමියන්ගේ ගිහිකල නිවසේ රැදී සිටියදී ලද තොරතුරක් මත ඔපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද (01) දහවල් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පලාගොස් තිබේ. පසුව පොලීසිය විසින් ඔවුන් ලුහුබැද ගොස් වීරපාන, ඕපාත කදු සහිත කැබෑබද ප්‍රදේශයකදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහි පළමු සැකකරු 2021 අගෝස්තු 31 දින පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි. ඔහු සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරෙයින් ග්‍රෑම් 100 ක් ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් වූ නඩුව කොළඔ, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බී – 55635/1 යටතේ විභාග වෙමින් තිබෙන බවද ඕපාත පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම සැකකරුවන් මෑතකදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද මහා පරිමාන හෙරෙයින් ජාවාරමට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, උප පොලිස් පරීක්ෂක අමරසිංහ, පොලිස් සැරයන් ජයන්ත (58833), පොලිස් කොස්තාපල්වරුන් වන අජිත් (62518), තුසිත (82545), වීරසිංහ (104455) සහ කාන්තා පොලිස් කොස්තාපල් මධූෂා (12598) යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
හිනිදුම කොට්ඨාශය බාර සහකාර පොලිස් අධිකාරි එච් එච් කේ ජේ සී සමරසිංහ, ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මෙහෙයවීම මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
ලලිත් චාමින්ද සහ ජයකාන්ත ලියනගේ