gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇති වූ අමනාපයක් හේතුවෙන් කෝටිපති තාත්තයි පුතයි වාහන දෙක මුහුණට මුහුණ හප්පා ගනියි

බේරුවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු  හා ඔහුගේ පුතා අතර ඇති වු  අමනාපයක් මුල්කරගෙන ඔවුන් දෙදෙනා විසින් පැදවු  මෝටර් රථ දෙක බේරුවල නගරයේ  දී ඊයේ (16) අලුයම  මුහුණට  මුහුණ හප්පාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් වාහන දෙකට  අලාභ හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.

 පියා (53) හැවිරිදි බෝට්ටු හිමි  ව්‍යාපාරිකයකු- බවත් පවුල් ආරවුලක්   මුල්කරගෙන  ඔහු දරුවන් හා බිරිද සමග අමනාපයෙන් සිට ඇති බව පොලිසිය පවසයි.

 අලුයම 1.30 ට පමණ පියා  පයාගල සිට මෝටර් රථයෙන් බේරුවල නගරයට පැමිණෙන් සිටියදි හා පුතා විසින් බේරුවල සිට  පයාගල දෙසට ගමන් කරමින් සිටියදි මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

දෙදෙනා පැදවු  මෝටර් රථ දෙක  බේරුවල නගරයේ දී හමුවීමත් සමග   වාහන දෙකක  එකට හප්පාගෙන ඇති බවත්, පුතා විසින් පියා සමග බහින් බස් වී ඔහුට පහර දුන් බවට ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පියා  විසින්   තමා පැදවු මෝටර්ථයට  පුතා විසින් ඔහුගේ වාහනය හැප්පා අලාභහානි සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියට මුල් වු  වාහන දෙක පොලිස් ස්ථානය වෙත   රැගෙනවිත් ඇත.
බේරුවල පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka