gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරුම පුදුම පොලිස් රාජකාරියක්...වෑන්රියේ බුදු පිළිමය ගෙනගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්!

වෑන් රථයක ඉදිරිපස බුදු පිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා රියැදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු පෙට්‍රල් ලීටරයක් ඉල්ලා ගත් බව කියන සිද්ධියක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.

මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා ඔහුගේ නමද සඳහන් කර සිද්ධිය සමාජ මාධ්‍යට මුදා හැර ඇත.

මෙම පුද්ගලයා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට මහනුවර ප්‍රදේශයේ සිට සිය දරුවන්ද සමඟ ගොස් ආපසු එමින් සිටියදී මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් වාහනය නතර කළ බව ඔහු සමාජ මාධ්‍ය පළ කළ ඇති තොරතුරුවල සඳහන් කර තිබේ.

මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වෑන් රථයේ ඉදිරිපස බුදු පිළිමයක් තබා ගෙන යෑම වරදක් බව කියා තමාගේ රියැදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට සහ රියැදුරු බලපත්‍රය නැවත දීමට පෙට්‍රල් ලීටරයක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු සමාජ මාධ්‍යයේ පළ කර ඇති තොරතුරුවල සඳහන්.

තමන් පදවාගෙන ආ රථයෙන් පෙට්‍රල් ලීටරයක් ගෙන එම නිලධාරියාට දුන් පසු ඔහු එම පෙට්‍රල් මාර්ගබාධකය අසල නතර කර තිබූ යතුරුපැදියකට දමා ගන්නා අයුරු ද දුටු බවත් ඔහුගේ එම ක්‍රියාව මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි සෙසු නිලධාරීන් ද දුටු බවත් එම තොරතුරුවල සඳහන් කර තිබේ.

තමන් මේ බව මාවතගම පොලිසියේ නිලධාරියකුට දුරකතනයෙන් කතා කර දැනුම් දුන් බව සඳහන් කර ඇති ඔහු මෙය ඉහළ පොලිස් නිලධාරියකුගේ නෙත ගැටී සොයා බැලීමක් කරන ලෙසද ඉල්ලීමක් කර ඇත.

මෙය පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ගෙන දෙන සිදුවීමක් බවද ඔහු එහි සඳහන් කර තිබේ.

මේ අතර සමාජ මාධ්‍යයේ පළ වී ඇති මෙම තොරතුර තමාද දුටු බවත් මෙහි ඇති සත්‍ය අසත්‍යතාව ගැන වහා සොයා බලා වාර්තාවක් සපයන ලෙස කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාට උපදෙස් දුන් බව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් කළ විමසුමකදී පැවසීය.

මෙහි සත්‍යතාවක් තිබෙන බව හෙළිවුවහොත් එම නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka