gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පච්ච තියෙන ප්‍රමාණය අනුව මනස දුර්වල වෙනවා” – FINAL මැච් එක විතරද බැලුවේ කියලා කතා අහගත්ත දීප්තිගෙන් අමුතු කතාවක් (VIDEO)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව හමුවේ පසුගිය දා ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් පවසනවා.

ඔවුන් කියා සිටියේ මෙම පරාජයත් සමග නව ක්‍රිකට් යුගයක් ආරම්භ කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.

ඒ අනුව සමාජ මාධ්‍ය හරහා සුවහසක් ක්‍රීඩාලෝලීන් විසින් #GoHomeSLCboard නමින් හෑෂ්ටැග් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට එය Trending වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ දවස්වල ගොඩක් රූපවාහිනී නාලිකා පවා ක්‍රිකට් ක්‍රීඩකයන් දැඩි ලෙස විවේචනය කරනවා.

දීප්ති කුමාර ගුණරත්න ක්‍රිකට් කණ්ඩායමට සිදු වී ඇති විනාසය ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා.

‘මට හිනාවු‌ණානේ, මම ෆයිනල් එක විතරද බැලුවේ අහලා….. දන්න අය දන්නවා, මම ක්‍රිකට් ගැන කොච්චර කල් ඉඳලා ලියලා තියනවාද කියලා. මම එදාත් පැහැදිලිව ම කිවුවා, මේ ඉන්න ක්‍රීඩකයින්ගේ මානසික සුදානමක් නෑ. කෙනෙක්ගේ ඇඟේ පච්ච තියෙන ප්‍රමාණය අනුව ඒ පුද්ගලයාගේ මනස දුර්වලයි. මම මේ කියන්නෙ හිතට එන දේවල් නෙවෙයි. මේක විද්‍යාත්මක ක්‍රමයක්… (ඒක බටහිර විද්‍යාව නෙවෙයි..) ලංකාවේ ක්‍රීඩකයින් අනිවාර්යෙන්ම මානසික වෛද්‍යවරයෙක් හමුවීම, අත්‍යවශයයි….’

‘මොකද මම එහෙම කියන්නෙ, මම දිගටම මැච් බැලුවා. මේගොල්ලොන්ගේ රියැක්ෂන්වල ඉඳලා පේන්නෙ ෆිට්නස් එකේ ප්‍රශ්න. මේක ක්‍රීඩකයින්ට ම බැනලා වැඩක් නෑ. දැන් ඉන්න ක්‍රීඩකයින් ට පවා, අයිපීඑල් මොනා හරි ගත්තම, ‘ලක්ෂ 1000ක්’ විතර හම්බෙනවා. ලක්ෂ 1000ක්…. කියන්නෙ.. මේ අය සාමාන්‍ය පවුල්වලින් ආපු අයනේ., ලක්ෂ 1000ක් හම්බුණාම ඔලුව අවුල් වෙනවා. මම ඔය ක්‍රීඩකයෝ ගොඩක් අය ගැන හෙවුවා. මේකෙන් එළියේ මේගොල්ලො මොනාද කරන්නෙ කියලා බලන්න…’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka