gossip lanka

“දුව රට ගියේ පුතාගෙ කැමැත්තෙන්... හැබැයි ඒ ගියා කියලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ..." තවමත් අබිරහසක් වුණ චානකයේ මරණය අදහා ගත් නොහැකිව බිරිඳගේ මව කියූ සංවේදී කතාව මෙන්න...

චානක බෝහෝ දෙනෙකු අතර හිත දිනා ගත් තරුණ ව්‍යාපාරිකයක්...

ඔහු තම අනාගතය මනා ලෙස ගොඩ නගා ගනිමින් සිටියදී කිසිවකුටත් සිතා ගත නොහැකි ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණේ තමන්ගේ අහිංසක දරුවන්ට පියකු අහිමි කරමින්..

චානක සහ ඇගේ බිරිඳ සල්ලි පොලියට ලබාදෙන ව්‍යාපාරයක් කරගෙන ගිය අතර බිරිඳගේ ව්‍යාපාරය එන්න එන්නම අසාර්ථකවී තිබෙනවා...

එසේ වන විට චානකගේ බිරිය නිලුකා තම සැමියාගෙ අවසරයෙන් විදේශ රටක රැකියාවක් සදහා පිටත්ව ගියෙ අහිමි වු මුදල් නැවත සොයා ගැනිමේ අරමුණින් බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත් මව නැති නිවසේ වයස අවුරුදු 4 ක් වු පුංචි දියණිය රැක බලා ගැනිමට අසිරු විම මත ඇය චානකගෙ ඥාතියකුට භාර දී තිබුණ... ආණමඩුව නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන වයස අවුරුදු 12 හා 10 සිමාවල පසුවු පුතුන් දෙදෙනා පමණක් චානක භාරයෙ තබා ගත්ත... බාල දියණිය ඥාතියකුට භාර දෙන්නේ බිරියනැති නිවසේ දරුවන් තිදෙනෙකු රැක බලා ගැනිමේ අසිරුව නිසාවෙන්...

නමුත් මේ සියල්ල හමුවේ තම මුදල් පොලියට දිමේ ව්‍යාපාරයද පවත්වාගෙන යමින් සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවන්නට චානක කටයුතු කර තිබුණා..

තම පුතුන් දෙදෙනා උදැසන පාසල් බසයට රැගෙන යාමත් ආපසු පාසල අවසන්වි නිවෙසට පැමිණෙන බස් රථය පැමිණෙන විට දරුවන් නිවසට රැගෙන ඒමටත් චානකගේ දෛනික දින චර්යාවේ එක් අංගයක් බවට පත්වූ අතර, වෙම්බුවැව ගම්මානයෙ කුඩා වැවක් ඉදිරිපිට සුවිසල් නිවසක් ඉදිකල චානක එම නිවසේ දරුවන් සමඟ කාලය ගතකලේ සාමකාමීවයි..

එදිනද තම දරුවන් පාසල් බසයට රැගෙන බස් රථයට භාර දුන් චානක වෙනදා ලෙසම සුපුරුදු අයුරින් නිවසට පැමිණ තිබුණා..

හවල් කාලයෙ මත්පැන් පානය කරමින් කිසිවකු නොමැති නිවසේ කුමන සිදුවිමකට හෝ දැඩි ලෙස කලකිරී සිටි චානක හදිසියෙ ගත් තීරණය කිසිවකුටවත් සිතා ගත නොහැකි වි තිබුණා..

තම සුවිසල් නිවසේ තවමත් වැඩ අවසන් නොවු උඩු මහලේ ඔහු ව්‍යායාම සදහා සකසා ගෙන තිබු කාමරය තුළ වු ඔහු සිය දිවි නසා ගෙන තිබුනේ කිසිවකුටවත් සිතා ගත නොහැකි ලෙසින්..

චානකගෙ මරණය මේ වන විටත් අභිරහසක්ව පවතින්නේ සිදුවුයේ කුමක් දැයි සිතා ගත නොහැකි ප්‍රශ්න රැසක් මතු කරමින්..

වෙනදා මෙන් පාසල් ඇරී එද්දී බස් රථය අසලට පැමිණෙන පියා නොපැමිණීම නිසා පා ගමනින් නිවසට පැමිණි දරුවන් නිවසේ දොර පියන් හැර තිබෙනු දැක පියා සොයා නිවස පුරා ඇවිදින විට සිය දිවි නසා ගෙන සිටි පියාගෙ සිරුර දුටු දරුවන් තැබු විලාපය වෙම්බුවැව ගම්මානය කම්පා කරන්නට වුණා..

චානකගේ මරණය ගැන ඔහුගේ බිරියගේ මව වන කේ.සෝමාවති මහත්මිය පවසන්නට වූයේ “දුව රට ගියේ පුතාගෙ කැමැත්තෙන්... හැබැයි ඒ ගියා කියලා කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ... දරුවොත් එක්ක හොදින් හිටියා අපිටත් හිතා ගන්න බැරි වුණා.. මේ මරණය ගැන ඇයි මෙහෙම වුණේ, කියලා ඇත්තටම පුදුම දුකක් දරුවෝ තුන්දෙනාට දැන් තාත්තා නැති වුණා” යැයි කියාය
gossip lanka