gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්තනගලු ඔයේ ධාරිතාව ඉක්මවා යයි… ගම්පහ දිවුලපිටිය මිනුවන්ගොඩ ජා ඇල සහ කටාන යටවීමේ අවදානමක්!

අත්තනගලු ඔය දෙපස  ඉදිරි පැය 3 සිට පැය 24ක කාලය තුළ   ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මේ බව සඳහන් කරයි.
 
අත්තනගලු ඔය ද්‍රොණියේ  ඉහළ ජල ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන මිලි මීටර 100ට වැඩි ධාරානිපතා වර්ෂාව නිසා   මේ අවදානම් සහගත තත්ත්වය ඇතිවිය හැකි බවය.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම  නිවේදනයේ දැක්වෙයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දක්වන ලෙස එම ප්‍රදේශවාසීන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන්කරන රථවාහනවල රියදුරන්ගෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka