gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අත්හල තැනක යම් දෙයක් ඉතිරි වේද ඒ තමයි ආදරය… ඔව් ඒත් මට යන්න වෙනවා මොකද ඔයා නැතිව මට ජීවිතයක් නැහැ” – ඔහුට පිටු පා ගිය ආදරය නිසා දිවියට තිත තැබූ සෙබළා

“ආදරය කියන්නේ මොකක්ද” මේ ප්‍රශ්ණය ඔබ හැමවිටම අහලා ඇති.

හැබැයි අපි කවුරුත් ආදරය කියන දේ ගැන හරියාකාරව දන්නෙ නැහැ කියලා හිතෙන්නේ අපේ රටේ ඇසෙන සමහර කතා හින්ඳා.

පසු ගිය දවසක අපි මාධ්‍ය තුලින් දැක්කා ප්‍රේමය අවසන් කලා කියලා පෙම්වතියට පිහි පාරක් එල්ල කරපු පෙම්වතෙක් ගැන,නැවතත් ආරංචි වුනා පෙම්වතා හමුවෙන්න එන්න බැහැ කිව්වා කියලා කෝච්චියට පැන්න පෙම්වතියක් ගැන.

මේ වගේ උදාහරණ රාශියක් අපිට ඊයේ පෙරේදා දිනවල අහන්න ලැබුනා.

හැබැයි ඒ හැමතැනමක තිබුනේ ආදරය වුනත් තේරුම් ගැනීම, අත්හැරීම කියන දේ කියන කාරණා ඔවුන්ගේ හිතේ පුංචියට හරි තිබුනා නම් තවත් ඔවුන්ගේ ජීවිතය ලස්සන වෙන්නට තිබුනා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්..

ඔහු යුධ හමුදාවේ සේවය කරන සෙබලෙක්.

ඒ වගේම ආදරවන්තයෙක්.කාලයත් එක්ක ඔහුගේ පෙම්වතියගේ වෙනස්කම් ටිකෙන් ටික දැනෙන්නට පටන් ගන්නවා.

ඉවෙන් මෙන් දැනෙන්නට ගන්නවා ඇය තමන්ගෙන් වෙන්ව යාමට සූදානම් බව.

අවසානයේ ඇය ඔහුව හැරදා යනවා.

යුධ හමුදාවෙන් ලැබෙන ඒ ආත්ම ශක්තිය,සියල්ල දරා ගැනීමේ හැකියාව “ආදරය” කියන අකුරු හතරක් නිසා දියවී යනවා.

නිවාඩුවට නිවසට පැමිණෙන ඔහු විරහ වේදනාව දරා ගැනීමට නොහැකි තැනදී ඔහු පළිගන්න තීරණයක් ගන්නවා.

හැබැයි ඒ ඇයගෙන් නෙවෙයි ඔහු ඔහුගෙන්ම පලි ගන්නයි සූදානම.

28 හැවිරිදි ඔහු තම නිවස අසල ඉඩමකට ගොස් ගෙල වැලලාගෙන තම දිවිය අවසන් කරගන්නවා.

ඉතින් ආදරය කරන්න,හිමිවීම්,අහිමිවීම් දරා ගන්නට හැකිනම්…

ඔබට යම් දෙයක් කියන්නම් “අත්හල තැනක යම් දෙයක් ඉතිරි වේද ඒ තමයි ආදරය” ඉතින් අත් හැරීම ප්‍රගුණ කරන්න ආදරය කරන්නට පෙර.

ඊටත් වඩා ඔබට ඔබ අහිමි වීමේ වේදනාව දරාගන්නට පුරුදු වෙන්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka