gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්ගේ දැවී යාම ලොකුම අවුලක් වෙයි - බංග්ලාදේශ මහාධිකරණයටත් අවුල යයි

ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිරීම‍ සඳහා ICCයෙන් ඉල්ලීමක් නොකිරීමට හේතු මොනවාදැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් එරට මහාධිකරණය ප්‍රශ්න කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එහි සභාපතිවරයාට දින 10ක කාලයක් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් තරග විචාරකයින් විසින් විවේචනය කිරීමට එරෙහිව අධිකරණය වෙත ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් සමග විස්තර විචාරක කුටියේ සිටි වකා යුනිස් විසින් ශකිබ් කළ ඉල්ලීම ක්‍රීඩකයෙකුගේ හැසිරීමක් නොවන බව පවසමින් එය විවේචනය කිරීමට එරෙහිව එරට නීතිඥවරයෙකු වන Rahman Khan විසින් එම පෙත්සම ගොනුකර ඇත.
එය විභාගයට ගත් විනිසුරුවරුන් වන Mustafa Zaman Islam සහ Md Atabullah විසින් මෙම නියෝගය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka