gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්නත් නොදැන ඕස්ට්‍රේලියාවේ ශ්‍රි ලාංකිකයා කළ සොරකම!

සිය සේවා ස්ථානයෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට චෝදනා එල්ලවී තිබේ.

මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන නවිෂ්ට ද සිල්වා නමැති අයෙකුටය.

මොහු මෙලෙස වංචා කර ඇති මුදල ඩොලර් 250,000ක් බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිදුවීමේ ඇති විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව වෙත ගෙන්වා තමන්ගේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරවීම සඳහා සේවා ආයතනයෙන් සොරකම් කරන ලද මුදල් භාවිත කර තිබීමය.

කෙසේ වෙතත් එල්ලවී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහු තමන් වරදකරු බව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබේ.

මේ අතර එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස ඔහු තම ක්‍රීඩා සමාජය වෙත එක්කරගෙන ඇති ක්‍රිකට් තරු අතර ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන්, ළහිරු තිරිමාන්න බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් සිටින බවය.

අධිකරණයේදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රීඩකයින් දැන සිට නොමැති බවය.

එසේම අධිකරණය හමුවේ තවදුරටත් අනාවරණය වී ඇත්තේ ඔහු විසින් ඩොලර් 37,250ක් ඩිල්ශාන්ට අයත් ක්‍රීඩා සමාගමක ගිණුමකටත් ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු තිරිමාන්නගේ ගිණුමකට ඩොලර් 5,800ක් සහ නම් නොකළ වෙනත් ක්‍රීඩකයින් හට ඩොලර් 28,950ක් ගෙවා ඇති බවය.

අදාළ මුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමත් සමග ඇප මත මුදාහැර ඇති නවිෂ්ට ද සිල්වාට මෙම අවසානයේදී දඬුවම් පැමිණවීමට නියමිත බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(උපුටාගැනීම – ABC ඔස්ට්‍රේලියා)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka