gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මත් එක්ක ස්කූටියෙන් ආපු 10 හැවිරිදි දැරිය තලාව හන්දියෙදී ඉන්ධන බවුසරයකට බිලිවෙයි! (VIDEO)

අනුරාධපුර, තලාව නගරයේ දී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි ඩබ්ලිව්.නිසල්‍යා නෙත්සරණී විමලසේන නම් දියණියක්.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (10) රාත්‍රී 07.00ට පමණ සිදුව ඇති අතර එම දැරිය එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටි ශිෂ්‍යාවක් බව ද අනාවරණ වී තිබෙනවා.

කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඉන්ධන රැගත් බවුසරයක තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරුපැදිය ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම අවස්ථාවේ දී යතුරු පැදියේ, මියගිය දැරිය සහ ඇගේ මව සිට තිබෙනවා.

යතුරුපැදිය, බවුසර් රථයේ ගැටීමත් සමඟ දියණිය බවුසර් රථයේ රෝදයට යටවී හිසට බරපතළ හානී සිදුවී ඇති අතර කඩිනමින් තුවාලකරුවන් දෙදෙනාම තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ වනවිටදීත් දියණිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග අනාවරණ කළේ.

අනතුර සම්බන්ධයෙන් බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජීවිතක්ෂයට පත්වූ දැරියගේ මෘත දේහය තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය විසින් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka