gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගණන් කරන්න බැරි තරම් නිළියෝ මං ළඟට එනවා” – බුකියේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙකු කියන කතාව

මේ වෙනකොට රූපලාවන්‍ය ක්ෂේත්‍රය ඇතුළේ බොහෝමයක් නවක ශිල්පීන් වැඩ පෙන්වමින් ඉන්නවා.

සුභාෂ් අබේවික්‍රම කියන්නෙත් ඒ විදිහට ඔබ හොඳින් දැන අඳුනන තරු හැඩ ගන්වන කෙනෙක්.

පසුගිය දවසක යුටියුබ් නාලිකාවකට සම්මුඛ වෙමින් සුභාෂ් කියූ කතාව තමයි මේ.

‘මම ජීවත් වුණේ අම්මත් එක්ක. තාත්තා වෙනම ඉන්නෙ. ඉස්කෝලෙ යන කාලෙත් ප්‍රශ්නවලට මූණ දෙන්න වුණා. බාහිර දේට පවා යන්න හම්බුණේ නෑ. සාමාන්‍ය පෙළ විතරයි මම කළේ. මගේ පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බේ රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්න…’

‘මම චන්දිමාල් එක්කත් වැඩ කළා. මුලින්ම මම මහරගම ගෙදර ඇන්ඳුවා. පටන් ගද්දි සාමාන්‍ය පුටු තිබ්බේ මුලින්ම මම සැලූන් නැතුවත් බ්‍රයිඩ්ලාව ඇන්ඳුවා බස් එකෙ ගිහින් ඇන්ඳුවා ත්‍රීවිල් එකේ ගිහින් ඇන්ඳුවා..’

‘සබීතා, ශෙරින්… මම කොහේ හිටියත් මාව හොයන් එන පිරිසක් ඉන්නවා. ප්‍රියසාද් පවුල විශේෂයි.. දිනක්ෂිගේ කැන්ඩියන් බ්‍රැයිඩිල් එක කළෙත් මම. තව එක්කෙනෙක් ඉන්නවා ශනුද්‍රි.. එයාවත් අන්ඳන්න පුලුවන් වෙයි ලබන අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ. හරිම නිහතමානී මිනිස්සු. ඒ වගේම ශලනි තාරකා.. මම අන්ඳන ආටිස්ට් කෙනෙක් ගත්තත් හිතලා ගන්නෙ. මොඩ්ල් කෙනෙක් ගත්තත් එහෙමයි. මොකද එයාලාට යම් කිසි දෙයක් හින්දා නරක නමක් ගෑවුණොත් ඒක මටත් බලපානවා. ගණන් කරන්න බැරි තරම් නිළියෝ මගේ ළඟට එනවා…’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka