gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙඩිසින්වලට ලකුණු මදිවුණු ත්‍රිකලා ධරණිට පියුමි හංසමාලිගෙන් කැපිල්ලක්?

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරදවරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

එහෙම මෙරට දැවැන්තම නිරූපණ පාඨමාලාවෙහි ගුරු භූමිකාව හොබවන ඇය සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුණා.

ඈට මේ මොහොතෙත් සමාජ මාධ්‍ය ඇතුළතින් විරෝධය එල්ල වෙනවා.

පසුගිය දවසක ඈ සම්මුඛ සාකච්ඡාවකදී කරපු ප්‍රකාශයක් නැවත වතාවක් කතාබහට ලක්වෙන්න අරන්.

‘මට ඒලෙවල් වලට හීනයක් තිබුණා ජීව විද්‍යා අංශයෙන් මෙඩිසින් කරන්න. හැබැයි මට මොකද්දෝ එක්කෝ වාසනාවකට, නැත්තම් අවාසනාවකට… දැන් මට දැනෙනවා ඒක වාසනාවක් කියලා. ඒ කාලේ මට දැණුනේ අවාසානවන්ත එකක් විදිහ‌ට. මට මෙඩිසින් යන්න ලකුණු පුංචි ගාණක් මදි වුණා. දශම ගාණක්.. මම වැටුණේ නෑ. මට අදටත් සතුටුයි මගේ යාලුවෝ තාම කට්ට කනවා, ලෝන් එකක් ගන්නවත් විදිහක් නැතුව..නිරූපණ ශිල්පිනියක් විදිහට මම කාන්තාවක් විදිහට යන්න පුළුවන් ඉහළම තැනට ගියා. අධ්‍යාපනය කියන්නෙ පොතේ පතේ දැනුමම නෙවෙයි. ක්ෂේත්‍රයේ දැනුම..’


ඇගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වෛද්‍ය පාලිත රාජපක්ෂද දීර්ඝ සටහනක් එක් කොට තිබුණා.

‘මුදල් ආත්මය කරගත්..දූෂණය ආගම කරගත් ..සියල්ලම කනපිට හරවාගෙන..

ආත්මය විකුනාගෙන කන උන් උපයන මුදල් ..දේපල වලට …වඩා මට..

වටිනවා මගේ ආත්මය ….වුනු වෘත්තිය …

ජීවිතය යදින මිනිසුන්ගේ කෙල,සොටු,මලමූත්‍රා ලේ ..තැවරුනුමගේ දෑත්….

කෙදිරිලි,විලාප ඇහෙන දකින ..ඇස් කන්.යලිත් ජීවිතය ලබන උන්ගේ ..සිනහව…

නිසා ලැබෙන වේතනයට…සම…කල හැකිදැයි නොදනිමි …නූබේ ඔය කියන ….මුදල් ………හීන මානයෙන්…….සිත ඔල්දල් කරගත්……..උං පවු…

…………………………….වෛද්‍ය පාලිත …………’

වෛද්‍ය පාලිතගේ මෙම සටහන, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ද ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරගෙන තිබුණේ Respect Doctor යනුවෙන් සඳහනක් ද කරමිනු යි.

මින් ඉහත කිහිප වතාවක් ම මොඩ්ලින් කරන සමහර ළමයි පවු, රැවටෙනවා යනුවෙනුත් පියුමි ත්‍රිකලා ගේ නම සඳහන් නොකරමින් යම් යම් පළකිරීම් සිදු කර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka