gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔන්ලයින්වලට අරන්දුන් දුරකථනය විකුණා බාලවයස්කාර පෙම්වතිය සමග රූම් ගිය 10 වසරේ සිසුවා මාට්ටු!

ඔන්ලයින් පාඩම් සඳහා දෙමාපියන් රැගෙන දුන් ජංගම දුරකථනය රුපියල් හත්දහසකට විකුණා අයියගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් පුරා බාලවයස්කාරියක් තබා ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු ලබන 29 දින දක්වා උඩුනුවර වෙලම්බොඩ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියම කළේය.

ගම්පොළ නගරයේ ප‍්‍රසිද්ධ පාසලක 10 වසර සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂ්‍යාවක් මෙසේ හෝටල් කාමරයකට රැුගෙන ගොස් ඇති බව පොලිසිය පැවැසීය.

මොවුන් මාස 8ක පෙම්වතුන් වන අතර පසුගිය 19 වන දින අතිරේක පන්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප‍්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇත. අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප‍්‍රදේශයට ගොස් ඇත.

මෙහිදී පාසල් සිසුවා මෙම ගමනට මුදල් සොයාගෙන ඇත්තේ ඔන්ලයින් පාඩම් සඳහා දෙමව්පියන් ගෙනදුන් ජංගම දුරකථන රුපියල් 7000 කට විකුණා දැමීමෙනි.

බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන ඇත්තේ එය එම හෝටල් කාමරයට ලබාදීම සඳහාය.

මේ අයුරින් හෝටල් කාමරය රැගෙන මොවුන් දෙදෙනා එහි නතර වුව ද පාසල් ශිෂ්‍යාවගේ මව එම ශිෂ්‍යාව නිවසට නොපැමිණි බව පවසා දුව අතුරුදහන් බවට ගම්පොල පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණීම සමග පොලිසිය සිදු කළ ප‍්‍රශ්න කිරීමක දී මේ බව හෙළි වී තිබේ.

පහළොස් හැවිරිදි මෙම දැරිය දූෂණයට ලක්ව ඇතැයි ඇයගෙන් හෙළිවීම නිසා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණි. වෛද්‍ය පරීක්ෂණය සඳහා එම ශිෂ්‍යයාව ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka