gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැරණි පෙම්වතාට ”අපි යනවා” කියා ‘වට්ස්ඇප්’ යවලා 11 හැවිරිදි දැරිය අලුත් පෙම්වතා එක්ක පැන ගිහින්!

නව පෙම්වතා සමග ලබාගත් ඡුායාරූපයක් සහිතව ‘අපි යනවා’ යැයි පරණ පෙම්වතාට එකොළොස් හැවිරිදි දැරිය යැවූ වට්ස්ඇප් පණිවිඩය ඔස්සේ පරීක්‍ෂණ කර එම දැරිය රැගෙන ගිය 20 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කහතුඩුව පොලිසිය කියයි.

දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

හෝමාගම පදිංචි දැරිය සතියකට පමණ කාලයක් නිවාඩුවක් ගත කිරීම සඳහා තිනියාවල ප‍්‍රදේශයේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිටියදී භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු විසි හැවිරිදි තරුණයා සමග පේ‍්‍රම සබඳතාවක් ගොඩ නගාගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු දාහතක් බවට තරුණයාට හඟවමින් බව පොලිසිය කියයි.

දැරිය හෝමාගම නිවසට පැමිණීමෙන් අනතුරුව ජංගම දුරකථනය හරහා ද තරුණයා සමග සම්බන්ධ වී ඇති අතර තරුණයා සිදු කළ යෝජනාවක් අනුව දැරිය ඔහු හා යෑමට එකඟ වී තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකාර තරුණයා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුරට පැමිණ එතැන් සිට ත‍්‍රිරෝද රථයකින් දැරියගේ නිවස සොයා පැමිණ දැරිය රැගෙන මාකුඹුරට පැමිණ එතැන් සිට අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී බස් රථයකින් නෙළුව නිවස කරා ගොස් තිබූ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලක් අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අවට සී. සී. ටී. වී. කැමරා පරීක්ෂා කිරීමේදී ත‍්‍රිරෝද රථයකට නැඟ දැරිය පිටවන අයුරු සටහන්ව තිබූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් එම ත‍්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේදී එය හෝමගම මාකුඹුර ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ත‍්‍රිරෝද රථ රියැදුරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී ත‍්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනා සුඛෝපබෝගී බස් රථයක් වෙත ගිය බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් දැරියගේ මවුපියන්ගෙන්ද සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී 11 හැවිරිදි දැරිය හෝමාගම ප‍්‍රදේශයේ තරුණයකු සමග ද මීට පෙර ද සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඊට තමන් විරුද්ධ වූ බවත් පොලිස් නිලධාරීන් හා පවසා තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම තරුණයාගේ නිවස සොයා යෑමේදී එම තරුණයා නිවසේ සිට ඇති අතර ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී තමන්ගේ ජංගම දුරකථනයට තමන් මීට පෙර පේ‍්‍රම සබඳතාවක් පැවැත්වූ පෙම්වතිය තරුණයකු සමග ගත් ඡුායාරූපයක් එවා ‘‘අපි යනවා’’ යැයි කෙටි පණිවිඩයක් ද එවා තිබූ බවට පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම හමුවේ පවසා තිබූ බව පොලිසිය කියයි.

ජංගම දුරකථනයේ සඳහන්ව තිබූ එම කෙටි පණිවුඩයේ සඳහන් වැඩිදුර තොරතුරු අනුව සිදු කළ පරීක්ෂාවේදී දැරිය රැුගෙන ගිය පුද්ගලයා තිනියාවල ප‍්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

වහා ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් තිනියාවල පොලිසියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව තිනියාවල පොලිසිය නිලධාරීන් තරුණයාගේ නිවස වටලා තරුණයා සහ තරුණයාගේ මවද අත්අඩංගුවට ගෙන දැරිය ද පොලිස් භාරයට ගෙන තිබූ බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.සැකකාර තරුණයාගේ මව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ද සැකකරු බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑමේ චෝදනාවට යටතේ ද කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka