ගාසා තීරයේ පවතින යුධමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ සාත්තු සේවාව සඳහා ඇතැම් රටවලින් පැමිණ සිටින සාත්තු සේවිකාවන් යළි සිය රට බලා යාමට ඉල්ලිම් කර තිබුණද සාත්තු සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් ගොස් සිටින සාත්තු සේවිකාවන් එවැනි ඉල්ලිම් නොකරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසීය.
පවතින යුධමය වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවන්ගේ සේවය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන්ද පැසසුම් හිමිවන බව පැවසීය.
නිවෙස්වල සිටින බොහෝ දෙනෙකු මේ වනවිට යුධ පිටියට සහ සහායක සේවා සඳහාගොස් සිටින අතර නිවෙස්වල සිටිනුයේ කුඩා දරුවන් සහ වැඩිහිටියන් සහ වැඩිහිටියන් බලාගන්නා සාත්තු සේවකයන්ය.
මෙලෙස රට අසීරු තත්වයකට පත්ව ඇති අවස්ථාවේ රැක බලා ගන්නා වැඩිහිටියන් ඉතා හොඳින් රැක බලා ගන්නා ලෙස දැනුම් දී ඇතිබව තානාපතිවරයා පැවසීය.
පවතින යුධමය වාතාවරණය හමුවේ වුවද ඊශ්‍රායලය තුළ සේවය කරන ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවන් තම රාජකාරිය නිසි ආකාරයෙන් සිදු කරමින් සිටින බවග් ඔහු පැවසීය.
රැකියා සඳහා ඊශ්‍රායලයට ගොස් සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් 90%ක් පමණ සාත්තු සේවයේ නියැලෙන බව වැඩිදුරටත් කියා සිටියේය.
– නාගොඩ සුමන උදයන්ත