gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපානයට යන්න ගුවන් යානයකට හොරෙන් රිංගලා! සැකකරු ලබන 06 වැනි දා තෙක් රිමාන්ඩ්!

කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුළු වී ජපානය බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට පුද්ගලයා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා නියෝග කළා.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 06 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත්තේ වත්තල හැඳල පදිංචි ඒ.පී. සුදාගර් ඉන්ද්‍රජිත් නමැත්තෙකි.

ඔහුට ජපානයට යාම සඳහා කිසිදු නීත්‍යනුකුල ලේඛනයක් ඔහු අත නොතිබූ බව ද අධිකරණයේදී අනාවරණය වුණා.

සැකකරු කලක් ජපානයේ රැකියාවක් කර පසුව විවාහයක් කරගැනීම සඳහා ලංකාවට පැමිණි අයකු බවත් පසුව ජපානයට යළි යන බව බිරියට පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් මෙතෙක් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව පොලීසිය අධිකරණයට පැවසීමෙන් අනතුරුව ඔහුව 06 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka