gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවසේ ඇති කරන බල්ලා කකුල අල්ලනවා බලන්න ගිහින් මාස 06 දැරිය මිය යයි

ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ වයස මාස 6ක දැරියක් හිස බිත්තියේ වැදීමෙන් පෙරේදා (30) රාත්‍රි මිය ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවත්න ලෙස මිය ගොස් ඇත්තේ ඌරුබොක්ක, මැකිලියතැන්න, කටුවන ගෙදර ලිපිනයේ පදිංචි මාස 6ක වයසැති ඌරුබොක්ක ගමගේ නුවදි ලියාශා ගිම්සදී නමැති දැරිය බව පොලිසිය පවසයි. පෙරේදා (30) සවස 4.00ත් 4.30ත් කාලයේ දැරියගේ සිරුර උණු වතුරින් සෝදා පිය දමමින් සිටින අවස්ථාවේ නිවෙසේ සිටින සුනඛයා මවගේ කකුල අල්ලා ඇති අතර, ඒ දෙස බැලීමේදී බිලිඳාගේ හිස බිත්තියේ වැදුණ බවට මව විසින් පොලිසියට පවසා ඇත.

මේ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ බිලිඳාගේ මව විසින් මෙලෙස ද පවසා ඇත.

“පසුව දරුවාට පිටිකිරි හදා දී නිදි කළා. ටික වේලාවකින් දරුවාගේ ඇඟ රස්නය නිසා මහත්තයාට කෝල් එකක් දී ගෙන්වා ගත්තා. ඒ වෙලාවෙ දරුවා නැඟිටලා තාත්තා එක්ක හිනා වෙවී හිටියා. ටික වේලාවකින් පස්සෙ නාසයෙන් කිරි ආව නිසා ඒ කිරි ටික පිහින්න බලද්දී ඔළුව නිල් වෙලා ඉදිමිලා තියෙනවා දැක්කා. පස්සෙ ඉදිමිලා තිබ්බ තැන උණු වතුරෙන් තෙත් කළ රෙදි කෑල්ලකින් තැව්වා.”

බිලිඳාගේ පියා ද මෙලෙස පැවැසුවේය.

“ඔළුව ඉදිමිලා තිබ්බ හින්දා ඌරුබොක්ක හීගොඩ ඉස්පිරිතාලෙට දරුවව අරන් ගියා. දරුවාගේ තත්ත්වය බරපතළ නිසා මාතර ඉස්පිරිතාලෙට මාරු කර යැව්වා. බිරිඳ ඉස්පිරිතාලෙට ආවෙ නැති නිසා නිසා එයා එක්කරගෙන එන්න මම ගෙදරට ගියා. ඒ වෙලාවෙ බිරිඳ අසනීප තත්ත්වයෙන් හිටියෙ. දරුවා එක්ක ගිලන් රථයෙන් මාතර ඉස්පිරිතාලෙට යන්න ගියත් පාරවල් ගං වතුරෙන් යටවෙලා නිසා දරුවා වලස්මුල්ල ඉස්පිරිතාලෙට ඇතුළත් කළා. ඒ වෙලාවෙ දරුවා නැති වෙලා ඉඳලා.”

බිලිඳාගේ මරණය සම්බන්ධයෙන් මාතර අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (සොකෝ) පැමිණ සිදු කර ඇත. අනතුරුව ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය මොරවක වැඩබලන මහේස්ත්‍රාත් සී. එස්. දිසානායක මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මළ සිරුර සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයාට රෝහලට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලෙසටත්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය.

ඌරුබොක්ක පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිතානන්ද මහතා සමග සැරයන් 19604 සනත්, සැරයන් 17568 දයානන්ද, සැරයන් 40606 සුරංග, කොස්තාපල් 78230 ධනුෂ්ක නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බිලිඳාගේ හිස බිත්තියේ වැදීමෙන් සිදු වූ මරණයක් ද, එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අනුව අනාවරණය වනු ඇති බවත් පොලීසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka