''ප්‍රසංගය බලන්න ලොකු පිරිසක් ඇවිත් හිටියා.
මම අපේ අයගෙන් ඇහුව කාටවත් කරදරයක් නැහැ නේද කියල.
ඒ කාටවත් ගැටලුවක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ අපි ප්‍රසංගය ඉදිරියට කරගෙන ගියා.
අපි එනවා කියන ආරංචියට ලොකු සෙනගක් එන්නෙ අපි ගැන තියෙන ලොකු විශ්වාසයකින්..''
එළිමහන් වේදිකා කලාව නව මානයකට රැගෙන ගිය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම.
පසුගිය දා ඔවුන් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. ඒ ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර.
ඇත්තටම එදා වුණු සිදුවීම ගැන ෆ්ලෑෂ් බැක් නායක රොෂාන් ප්‍රනාන්දු මේ විදියට කියලා තිබුණා.
''පසුගිය මස 23 වැනිදා අපි ඊශ්‍රායලයට යනව.
මේක ඒ රට තුළ එතෙක් මෙතෙක් වැඩිම ජනකායක් සහභාගි වුණ ප්‍රසංගය.
ඉතාමත් සාර්ථකව පැවැත්වුණා.
ඩාන්ස් ශෙෂන් එකට පැය දෙකක විතර කාලයක් වෙන් කරල මුල්ම ආටිස්ට් විදිහට වේදිකාවට ආවේ කිංස්ලි. දෙවැනියා රයිනි.
ඇය තුන් වැනි ගීතය ගායනා කරන අතරතුර තමයි මේ දේ සිදු වෙන්නෙ.
එතන තිබුණ දෙදරීමට වෙන්න ඕන” LED Wall එක රඳවලා තිබුණ ආධාරකයෙන් ඒක ගැලවෙනව.
ඒ වෙලාවෙ එතන රයිනි” ලීඩ් ගිටාරිස්ට් ලහිරු වගේම කීබෝඩිස්ට් දිනේෂ් හිටියා.
වීඩියෝවල අපිට පෙනෙන්නෙ යට වෙනව වගේ.
නමුත් එතනදි වුණේ ඒ තුන්දෙනාවම තල්ලුවෙලා යනව වගේ දෙයක්.
වාසනාවට කිසිම කෙනෙකුට කරදරයක් වුණේ නැහැ.
ඇත්තටම ඒක හිතාගන්න බැරි සිදුවීමක්...''
ඒක අනූනවයෙන් බේරුණු සිදුවීමක්...
''අපි උදේ ජෙරුසලම්” බෙත්ලෙහෙම් ගිහිල්ලා ජේසුතුමන් ඉපදුන තැන වගේම කුරුසයේ ඇණ ගහපු තැන බලලා ඇවිත් තමයි ප්‍රසංගයට සහභාගී වුණේ.
ඒ නිසාම වෙන්න ඇති කාටවත් හිරිහැරයක් නොවී ආරක්‍ෂා වුණේ....''
කණ්ඩායමට මුහුණ පාන්න වුණු අනපේක්ෂිත සිදුවීම නිසා මුදල්, කාලය, ශ්‍රමය කැප කළ රසික පිරිසට ආසාධාරණයක් නොවන විදියට කටයුතු කරන්න රොෂාන් ප්‍රමුඛ කණ්ඩායම පියවර අරන් තිබුණා...
''ප්‍රසංගය බලන්න ලොකු පිරිසක් ඇවිත් හිටියා. මම අපේ අයගෙන් ඇහුව කාටවත් කරදරයක් නැහැ නේද කියල.

අපි එනවා කියන ආරංචියට ලොකු සෙනගක් එන්නෙ අපි ගැන තියෙන ලොකු විශ්වාසයකින්නෙ.
එතනදි බොහෝ දෙනෙක් අපිට කිව්වා” ඔයාලට ලොකු කරදරයක් වුණානෙ” ගත්ත ටිකට්වල සල්ලි ඕනත් නැහැ අපි ගෙවල්වලට යන්නම් ඕගොල්ලො පරිස්සම් වෙන්න කියල.
ඒ වගේම අලාභයක් වුණානම් සල්ලි දෙන්නද කියල අහපු අයත් හිටියා. ලොකු මනුස්සකමක් අපි දැක්ක.
ඒ වෙලාවෙ මම තීරණය කළා අපි කාටවත් කරදරයක් වෙලාත් නැහැ” අපේ බඩු වලට හානියක් වෙලාත් නැහැ” ඒ වගේම අපේ රසිකයන්ට අපි සාධාරණයක් කරන්නත් ඕනා මේ නිසා අපි ප්‍රසංගය කරනව කියල.
වැටුණ Wall එක අයින් කරල රයිනිගෙන්ම අපි ආයෙත් ෂෝ එක පටන්ගත්තා.
මෙම සිදුවීම ගැන වාර්තා වීමත් එක්ක ලංකාවේ රසික පිරිස් ද සෑහෙන්න කලබල වුණු සෙයක් දක්නට ලැබුණා...
''ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ අය විතරක් නොවෙයි” විවිධ ක්‍ෂේත්‍රවල අය වගේම රසික රසිකාවියන් බොහෝ දෙනෙක් අපිට කතා කරලා දුක සැප බෙදාගත්තා.
ගොඩක් අයගේ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න බැරි වුණා.
මොකද අපේ සම්බන්ධතා තිබුණෙ වට්ස්ඇප් හරහා විතරයි.
ඔවුන්ට ස්තූති කරන්න ඕනා. ප්‍රසංගය සාර්ථකයි.
අනූනවයෙන් බේරුණා. කරදරයක් හිරිහැරයක් නැතිව අපි කට්ටියම ලංකාවට ආවා.''
සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු වීඩියෝවේ අපි දැක්කෙ රයිනි ගීතවත් වන මොහොතකය මෙම අනතුර සිදුවන අන්දම. ඒ ගැනත් රොෂාන් මේ විදියට කතා කරලා තිබුණා...
''රයිනි ගැන කියන්නම ඕන. එයා මාර හයිය ගැහැනු ළමයෙක්.
Wall එක වැදිල ඇයව තල්ලු වෙලා ගිහින් ලහිරුගෙ ඇඟේ වැදුනා.
එතනදි රයිනි පැළඳගෙන හිටපු සපත්තුවක හීල් එක හිරවෙලා තියෙද්දිත් ඇය Wall එක අතින් අල්ලගෙන හිටියා.
ඒක ඒ වගේ අවස්ථාවක කෙනෙකුට කරන්න බැරි වැඩක්.
ඇයට ඒ Credit එක යන්න ඕන.
තත්පර ගානකින් විසිපහක් තිහක් වේදිකාවට ඇවිත් Wall එක උස්සනකොට තමයි අපි දැක්කෙ කාටවත් කරදරයක් වෙලා නෑ නේද කියල.''
(උපුටාගැනීම් මීවිත - මහේෂ් එදිරිසිංහ)