gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විවාහ සහතිකයක් නැතිව මෝරන දරු ගැබ පවුලට අවනම්බුවක් ලු.... ඒ අවනම්නුව දරාගන්න බැරුව මව සහ සොහොයුරා ඇයව කැලෑවකට ගෙන ගිහින් කළ දේ මෙන්න

ඇය ගැබිනියක්..

තවත් පුංචි රෝස මලකට මේ ලෝකය දකින්න ඉඩ වෙනකරලා දෙන්න පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්න..

එහෙම කාලෙක තමන්ට ආදරය කරන තමගේ වට පිටාවේ ඉන්න අයගෙන් මොන තරම් නම් ආදරයක් රැකවරණයක් නම් ලැබෙන්න ඕනද..?

ඒත් එහෙම ලැබෙන්නේ නැති අයත් අපේ සමාජේම ජීව්ත් වෙනවා... මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්...

ගැබිණි තරුණියක්ව ඇගේ මව සහ සහෝදරයා විසින් කැලෑවකට රැගෙන ගොස් ගිනි තැබූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා...

ඒ අසල්වැසි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි හාපූර් ප්‍රදේශයෙන්...

තරුණිය බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙන අතර තම අවිවාහක දියණිය ගැබ්ගෙන ඇති බව දැනගත් පසු පවුලේ අය දැඩි කෝපයෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ...

දරුවාගේ පියා ගැන ඔවුන් ඇගෙන් විමසා ඇතත් ඇය ඔවුන්ට කිසිම තොරතුරක් හෙළි කර නොමැති අතර 21 හැවිරිදි මෙම කාන්තාවගේ මව සහ සොහොයුරා විසින් ඇයව කැලෑවකට රැගෙන ගොස් ගිනි තබා ඇති බව සඳහන්...

කාන්තාවගේ කෑගැසීම ඇසී වනාන්තරයේ සිටි ගොවීන් ඇයව සොයාගෙන රෝහලකට රැගෙන ගොස් ඇති බවත් ඇයගේ මව සහ සහෝදරයා පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka