gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපකාරක පංති යන බව පවසා පෙම්වතා සමග පැමිණි තරුණිය සමූහ දූෂණය කරලා... ළග තිබූ රුපියල් 2000ක මුදලත් කොල්ල කාලා!

මන්නාරමේ මහා මාර්ගයක පිහිටි ගරාජයකට රැගෙන ගොස් වයස අවුරුදු 17 ක තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් තුන් දෙනෙකු මන්නාරම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 12 වෙනිදා මෙම තරුණයින් තිදෙනා මාරුවෙන් මාරුවට දැරිය දුෂණය කළ අවස්ථාවේදී එම දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමක් හා ඡායාරූප ගැනීමක්ද සිදු කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන්ගේ දුරකතනවල තිබී එම වීඩියෝ හා ඡායාරූප පොලීසියට හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයින් තුන් දෙනා මන්නාරමේ පෙරියකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 , 18 හා 23 යන වයස් වලට අයත් තරුණයින් වන අතර ඉන් ප්‍රධාන සැකකරු ගරාජයක සේවය කරණ වයස අවුරුදු 23 ක තරුණයෙක්.

එම තරුණයා කීප වරක්ම තරුණිය දූෂණයට ලක් කොට තරුණිය ළග තිබූ රුපියල් 2000ක මුදලක්ද කොල්ල කා තිබෙනවා.

බරපතල ලෙස සමූහ දූෂණයකට ලක් වූ තරුණිය ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka