එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වන තරගය අද (16) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ආරම්භවීමට නියමිතයි.
තරගය ලක්නව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර මේ වන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තමන් ක්‍රීඩා කළ තරග දෙකම පැරදී ජයක් සොයමින් සිටියි.
ශ්‍රී ලංකා එක්දින නිත්‍ය නායක දසුන් ශානක ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් සංචිතයෙන් ඉවත් වී ඇති අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක කුසල් මෙන්ඩිස්ට් හිමිව තිබේ.
ශානකගේ ආබාධය සුව වීමට දළ වශයෙන් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බවට වාර්තා වන අතර ශානකගේ අඩුව පිරවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයට එක් වී ඇත.
කෙසේවෙතත් ලෝක කුසලාන කාල සීමාවේදී දසුන් ශානක ක්‍රිකට් කණ්ඩායමත් සමගින් රැඳී සිටිනු ඇති බවට කණ්ඩායම් කළමණාකරු මහින්ද හලංගොඩ ප්‍රකාශ කොට ඇත.
මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරනද උරහිසේ ආබාධයකට ලක් වී තිබෙන අතර ඔහුද අද තරගයට ක්‍රීඩා නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් දෙකක් වනු ඇතැයි වාර්තා වේ.
දසුන් ශානක වෙනුවට නොම්මර 7 ස්ථානය සඳහා දුනිත් වෙල්ලාලගේ උසස් වී නොම්මර 8 ස්ථානය සඳහා චාමික කරුණාරත්න බොහෝ විට නම් වනු ඇත.
එමෙන්ම මතීෂ පතිරණ වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කණ්ඩායමට එක් වීමටද අවස්තාවක් තිබේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වංශ කතාවේ 26වන නායකයා වශයෙන් නම් වන කුසල් මෙන්ඩිස් අද තරගයේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක සාධකය වනු ඇත.
ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග 11දී ලකුණු 50.33ක ලකුණු සාමාන්‍යයක් සහ ලෝක කුසලානයේ පලමු ඉණිම දෙක තුළදීම ලකුණු 198ක් රැස් කරගනිමින් ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස්, නායකත්වයේ වගකීම අනවශ්‍ය බරක් කර ගත යුතු නැති අතර ඔහුගේ සුපුරුදු පිතිකරණ ශෛලිය ශ්‍රී ලංකා ඉණීම වැඩි ලකුණු සංඛ්‍යාවක් සඳහා මග පෙන්වනු ඇත.
තවමත් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ ශතකයක් ලබා නොමැති ක්‍රීඩකයන් වන කුසල් ජනිත් සහ ධනංජය දි සිල්වා මෙම තරගයේ තවත් තීරණාත්මක සාධකයන් වනු ඇත.
තවමත් ජයග්‍රහණයක් සොයමින් ක්‍රීඩා කරන ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු වේග පන්දුවට ප්‍රබල අභියෝගයක් බවට පත් විය හැකි ධනංජය සහ ආරම්භයේදීම ලකුණු පුවරුව තර කළ හැකි කුසල් ජනිත් සුපුරුදු රිද්මයන්ට පැමිණීම ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක වේ.
අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –
කුසල් ජනිත් පෙරේරා
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස් (නායක)
සධීර සමරවික්‍රම
චරිත් අසලංක
ධනංජය දි සිල්වා
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
ලහිරු කුමාර
දිල්ශාන් මධුසංඛ