gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙඩිල්ලෙන් සීතාගේ ඇඟේ යකඩ හෝ ප්ලාස්ටික් බෝල 7ක්!

මහියංගණය පෙරහැර මංගල්‍යය සඳහා ගෙන එන ලද ‘සීතා ඇතින්නට’ තැබූ වෙඩි ප්‍රහාරයෙන් ඇතින්නගේ ශරීරය තුළ හම පසාරු කරගෙන ගිය යකඩ බෝල හෝ ප්ලාස්ටික් බෝල 07ක් පවතින බව සිදුකරන ලද ස්කෑන් පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය මහාචාර්ය අශෝක දංගල්ල මහතා ‘දිවයින’ට ඊයේ (03දා) පැවසීය. 
 
ඇතින්න පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ හැකි නම් ප්‍රතිකාර කිරීම පහසු බවද ඔහු කීය.

පශු වෛද්‍ය විශේෂඥවරුන් ඇතින්නගේ ස්කෑන් පරීක්‍ෂණ කිහිපයක් සිදුකළ බවත් එහිදී ශරීරය තුළ බෝල වැනි කොටස් 07ක් නිරීක්‍ෂණය වන බවත්, ඒවා ශරීරය තුළට කොපමණ දුරක් ගොස් ඇති ද යන්න තහවුරු කරගැනීම සඳහා “එක්ස්රේ” කරනු ලැබුවත් සිරුරේ අභ්‍යන්තරය දක්වා කිරණ ගමන් කරවීමේ හැකියාව නැතැයි ද දංගොල්ල මහතා කීය.

සීතා ඇතින්නගේ ශරීරය අභ්‍යන්තරයට යකඩ හෝ ප්ලාස්ටික් බෝල ඇතුළුවී ඇතත් ඒවා හෘදවස්තුවට සහ පෙණහලු පසාරු කරගෙන ගොස් නැති බවත් එසේ වූවානම් ඇතින්නගේ තත්ත්වය බරපතළ විය හැකිව තිබූ බවත් ඒ මහතා කීය.

ශරීරය තුළ පවතින බෝල වැනි දෑ පිටතට ගතයුතු බවත් එය දින කිහිපයකින් කිරීමට අදහස් කරන බවත් එයට පෙර ඇතින්න පේරාදෙණිය වෛද්‍ය පීඨයට ගෙනයා හැකි නම් ප්‍රතිකාර කිරීම පහසු බවත් මහාචාර්යවරයා පැවසීය.

චමින්ද සිල්වා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka