gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මුංගෙ අම්මලා අප්පලා මැරුනු දාක තේරෙයි...' - කමෙන්ටුවක් බුකියේ ඇවිලෙයි, මාධවී 'ශුද්ධ සිංහලෙන්'ම අමතයි!

 
ජැක්සන් ඇන්තනී'ව හිතූ හැටියට 'දඬුකඳේ' ගහන 'උත්තමයන්' ට එරෙහි සටනේ පෙරමුණ තැනක ඉන්නෙ ජැක්සන්ගේ ආදරණීය දියණිය, මාධවී... (ඇය මේ මොහොතෙත් සමාජ මාධ්‍ය තුළ සක්‍රීයයි..)

'ජැක්සන්' දැඩි සත්කාරයේ 'ඇඳක්' බලෙන් අත්පත් කරගෙන ඉන්නවා ය කියන අතිශය 'දරුණු චෝදනාව'ට පිළිතුරු නොදී 'කල් මැරූ' ජැක්සන්ගේ සමීපතමයින් 'අවමංගල්‍ය උත්සව' කතාවේ දී 'නොකිව යුතු' කතා බොහෝමයකුත් එළි පහළියට අදිනවා. (කොටින්ම කිහිප දෙනෙක් ඒ කතාවට හිත් රිද්දෝ ගන්නවා...)

'ජැක්සන්' හා සමීප ප්‍රවීණ අධ්‍යක්ෂ 'සෝමරත්න දිසානායක' පවා ඔහුගේ 'යූටියුබ්' නාලිකාවට 'වීඩියෝවක්' එක් කර තිබුණේ ජැක්සන්ගේ මරණය 'සැක තැන්' ලිහන අරමුණකින්.

අනෙක් අතට, ජැක්සන්ගේ 'මරණය' හා ඔහුගේ 'දූපුතුන්ගේ සමාජ මාධ්‍ය භාවිතයන්' පවා බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක් වනවා.

කිහිප වතාවක්ම, තමන්ට 'එදිරි' කමෙන්ටු සඳහා ප්‍රතිචාර දක්වන්නත් 'මාධවී' කටයුතු කරලා තිබුණේ ඒ නිසයි.

පසුගිය දවසක 'මාධවී' ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු 'කුඩා දැරියකගේ සිතුවම'ත් ඒ විදිහට කතාබහට ලක්වුණා. බොහෝ 'පරිශීලකයින්' අදාළ ඡායාරුපයට 'හාස්‍ය මුසු' ඉමෝජිවලින් ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් දැක ගත හැකිවුණා.
  



ඒ කොහොම වුණත් ඒ සියලු 'ප්‍රතිචාර' වෙනුවෙන් මාධවී 'උත්තර' දීලා තිබුණා.

'මේ ඔක්කොම එකම කල්ලියක්. කුණු මාකටිං මිනිස්සු බලන්නෙත් ඒවමනේ. මුංට බැන්නමත් රීච් වෙන නිසයි මෙහෙම කරන්නෙ. මේක උපක්‍රමයක්. හැබැයි මුංගේ අම්මලා අප්පලා මැරුනු දාක අපෙ අප්පච්චි සිහිවෙයි නොවරදවාම. මම එදා මේ වගේම දුකක් විඳපු තව කෙනෙකුට මහ ජරා වැඩක් කළානේ කියලා මතක් වෙයි...'

   



'ජැක්සන්'ගේ මරණය කියන්නෙ 'හාස්‍යය'ට ලක් කළ යුතු කාරණවක් නෙවෙයි. මාධවීගේ වචන ඇතුළේ පවා තියෙන්නෙ ඈ නොකියන ඇගේ 'වේදනාවක' තරම.

'ජැක්සන්ගේ මරණය' ඉල්ලමක් කරගත්තූ 'උන්' ජැක්සන්ව මේ විදිහට 'අවමානයට' ලක් කරන්න තරම් ම වුණු හේතුත් නැතුවාම නෙවෙයි. ඒත් ඉන් එහා 'ජැක්සන්' කියන්නෙ ඒ විදිහට හාස්‍යයට ලක් කරන්න වුවමනා 'මනුස්සයෙක්' නෙවෙයි.

ඒ නිසා 'ජැක්සන්'ට හිනා නොවී ඉමු!! ඔහුට දැන්වත් නිදහසේ ඉන්න දෙමු...............
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka