gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අප්පච්චි නැති අඩුව මල්ලිලාට පුරවන්න පුළුවන්ද ඇසූ පැනයට මාධවීගෙන් අමුතු පිළිතුරක්!

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

කොහොම වුණත් ජැක්සන් නම් මේ කලා කෙත අස්වැද්දූ මේ රංග පෞරුෂය ගැන අපට ඇති මතකයට වඩා වැඩි මතකයක් ඔවුන්ගේ හිත තුළ ඇති.

ඒ මේ ඔවුන්ගේ අප්පච්චී නිසා. දුවෙක් විදිහට ඇයට දැනෙන දුක මෙතරම් කියා මාධවීට නම් කියන්න බැරුව ඇති.

ඉතින් ඇය ඒ කඳුළ මැදින් මෙන්න මේ විදිහට අප්පච්චිගේ මතක පුවත්පත් සාකච්ඡාවකට වචන කරලා තිබුණා.

● අප්පච්චි අසනීප වෙලා රෝහලට ගෙනියන අවස්ථාවේ, ඒ හැඟීම මොන විදිහටද දැණුනේ?

“මට ඒ ආරංචිය ලැබෙනකොට මම හිටියෙ කඩවත මහගෙදර. අම්මා අඬමින් මට විස්තරේ කියද්දිත් අප්පච්චි අනතුරකට පත් වෙලා කියලා මට ආරංචි වෙලා තිබුණේ. ඒත් මම ඒක ඒ තරම් බරපතළ දෙයක් කියලා හීනෙකින් වත් හිතුවේ නෑ. අහිංසක මගෙ අප්පච්චිට එහෙම වෙයි කියලා මම ඇදහුවේ නෑ. අප්පච්චිව එක දවසක් හෝ මුණගැහුණු කෙනෙක් අප්පච්චිට ආදරේ නොවී තියෙන්නෙ නෑ. පෙනුමින් ප්‍රතාපවත් වගේම දැනුමෙන් මනා පෞරුෂයක් තියෙන කෙනෙක් වුණාට අප්පච්චි හරිම සානුකම්පිත, ළපටි හිතක් තියෙන පොඩ්ඩ බැරි වෙන්න බෑ කඳුළු උණන, අහිංසක කෙනෙක්.”

● ජැක්සන් ඇන්තනී යන නාමයේ අඩුව පුරවන්නට මල්ලිලා දෙන්නාට පුළුවන් වෙයි කියලා හිතනවද?

“ඒක නිකං වතුරවල අඩුව පුරවන්න පොල් තෙල් වලට හෝ සුවඳ විලවුන් වලට පුළුවන් වෙයිද කියලා ඇහුවා වගේ. මේ හැම දෙයක්ම තමුන්ට ආවේණික ආරයකට විශේෂයි. හැමෝගෙම අරමුණ වෙනස්. හැම කෙනෙක්ම ඔරිජිනල්. කාටවත් කාවවත් වෙන්න බෑ. හැමෝටම තමුන්ගේම අගයක් තියෙනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka