ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර තිබෙනවා.
ඒ, පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගයේ දී ඇති වූ මස් පිඬු ආබාධයක් හේතුවන්.
කුසල් මෙන්ඩිස් වෙනුවෙන් දුෂාන් හේමන්ත පන්දු රැකීමට පිටියට කැඳවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් කටයුතු කර ඇත්තේ.
අද තරගයේ දී කුසල් පන්දු 65කින් ශතකය වාර්තා කළ අතර ඔහු දැවී යනවිට පන්දු 77කින් ලකුණු 122ක් රැස්කරගෙන සිටියා.
ඊට හතරේ පහර 14ක් සහ දැවැන්ත හයේ පහර 06ක් ඔහු අන්තර්ගත කළා.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෝක කුසලාන තරගවලදී වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ 2015 වසරේදී නවසීලන්තයේ වෙලිංටන් නුවරදීයි.
එහිදී හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එංගලන්තයට එරෙහිව පන්දු 70කින් ශතකය වාර්තා කර තිබුණා.
කුසල් මෙන්ඩිස් රැස්කළ මෙම ශතකය සැලකෙන්නේ ලෝක කුසලාන තරගාවලියකදී ලොව වේගවත්ම 06 වැනි ශතකය ලෙසයි.
මෙවර තරගාවලියේදීම ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම් පන්දු 49කින් එහි ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.