gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජැක්සන් මියගිය පසු ජැක්සන්ගේ රියේ ගැටුණු අලියා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

පසුගිය 2022 වසරේ ජූලි මස 02 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් වාහනයේ ගැටුනු අලියා සම්බන්ධව මේ දක්වාම කිසිදු තොරතුරක් නැති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසන්නේ එදින රාත්‍රී 10 ට පමණ අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවත් එම ස්ථානය නිතර අලින් පාර මාරුවන ස්ථානයක් බවත්ය.

කෙසේ වෙතත් අලියෙකුට බරපතළ අනතුරට ලක් වූයේ නම් කිලෝ මීටර් දෙක තුනක් හෝ ගමන් කිරීමට නොහැකි බවත් එවන් බරපතල තත්ත්වයෙන් සිටි අලියෙකු වනජීවී නිලධාරීන්ට හමු වී නැති බවත් හෙතෙම පැවසුවා.

ඒ අනුව අනතුරින් අලියාට අනතුරින් හානියක් සිදු නොවන්නට ඇතැයි ද ඔහු සඳහන් කළා.

අනතුරින් පසු කිලෝමීටර් 5ක පමණ ප්‍රදේශයක් වන ජීවී නිලධාරීන් නිරීක්ෂණය කළ ද අනතුරකට ලක් වූ කිසිදු අලියෙකුට එපමණ දුරක් ගමන් කිරීමට නොහැකි බවත් ඔහු කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka